Saturday, December 3, 2016


තරුව

කඩා වැටෙනා තරුවකට
අහසක් ඕනෙ දිලිහෙන්ට
හැපි හැපී බිම වැළලෙන්ට
මහ පොළොවෙ මට ඉඩ දෙන්ට..........

පොළොව

අකීකරු පොඩි තරුවකට
හිතුනාට ඒ තනි හිතට
දෙන්න නම් බෑ ගිලිහෙන්ට
තරු අයිතිය දුර අහසට

දුර අහසෙ නුඹ උන්නාට
හිතු මතේ පෙම් බැන්දාට
දුක සෝක හිත වින්දාට
තවම බැහැනේ ගිලිහෙන්ට

දිලිසෙනා පුර සඳ එකට
එලිය දී නිල් කලු හදට
අයිතිය තවම නැතුවාට
තවම බෑ දෙනු මියෙන්නට

ගජයා

No comments:

Post a Comment