Saturday, December 3, 2016


'හිතුමතේ ආවාට දවසක හද දොර ඇරලා
හදවතේ තියෙන පෙම කෙලෙසක දෙන්නද බෙදලා
ජීවිතේ පුරාවට ඉන්නම හිතුවත් පතලා
මේ හිතේ ඉන්නේ ඇයයි   දැන් කුමකට හඬලා

එකවර ගී දෙකක් කිසිවිට ගයනු බැරී
දියවර ගලනු පහලට මිස එයි නොහැරී
පැහැසර අරුණ නැග ඒ උදයේ ඇහැරී
හදසර විදින මලවිගෙ නියමය අසිරී

නෙතු පාරා  එන කඳුලට හිත නැමෙනු නැතී
අතු පතරා නොම විහිදෙන හද පෙමක් වෙතී
සිතු ලෙස  පිපි  පුර හදමල සිත් වසා ඇතී
පැතු පෙම නුඹ හිතේය  මගෙ තුන් හිතක නැතී

ගජයා'
හිතුමතේ ආවාට දවසක හද දොර ඇරලා
හදවතේ තියෙන පෙම කෙලෙසක දෙන්නද බෙදලා
ජීවිතේ පුරාවට ඉන්නම හිතුවත් පතලා
මේ හිතේ ඉන්නේ ඇයයි දැන් කුමකට හඬලා

එකවර ගී දෙකක් කිසිවිට ගයනු බැරී
දියවර ගලනු පහලට මිස එයි නොහැරී
පැහැසර අරුණ නැග ඒ උදයේ ඇහැරී
හදසර විදින මලවිගෙ නියමය අසිරී

නෙතු පාරා එන කඳුලට හිත නැමෙනු නැතී
අතු පතරා නොම විහිදෙන හද පෙමක් වෙතී
සිතු ලෙස පිපි පුර හදමල සිත් වසා ඇතී
පැතු පෙම නුඹ හිතේය මගෙ තුන් හිතක නැතී

'වෙන් වීගිය වගක් නෑ හිතකට දැනුනේ
සුන් වුන මලක් නෑයලි කිසිදින පිපුනේ
මන් පෙර වගේමයිඇයි මේ පෙම කැඩුනේ
දැන් වෙන අතට ගිය නුඹ මය පසු තැවුනේ 

මුකුලු කතා කී පෙර ඉඳ උකුල මත
කඳුලු එක්කලා විටකදි  හිනා වත
එකලු කල වගක් හද මතකයේ ඇත
සියලු දෑ අහවරයි නාඩන්  ම සිත

gjayaa'
වෙන් වීගිය වගක් නෑ හිතකට දැනුනේ
සුන් වුන මලක් නෑයලි කිසිදින පිපුනේ
මන් පෙර වගේමයිඇයි මේ පෙම කැඩුනේ
දැන් වෙන අතට ගිය නුඹ මය පසු තැවුනේ

මුකුලු කතා කී පෙර ඉඳ උකුල මත
කඳුලු එක්කලා විටකදි හිනා වත
එකලු කල වගක් හද මතකයේ ඇත
සියලු දෑ අහවරයි නාඩන් ම සිත

gjayaa

Jayanath Perera's photo.
Jayanath Perera's photo.
හෙට කලුවර නොමැත

අත් අඩංගුවට ගෙන උන් සව්දිය පුරනු ඇත
හිත් නරක් කර හෙම නොගෙන උසුලා ගනින් පුත
රත් වුනූ ලෙයට එඩි දැඩිකර වෙර අරන් හිත
ගත් මග යන්නට හෙට එළිවෙයි කලුවරක් නැත

Jayanath Perera's photo.
එක ගෙයි එක කාමරේ නිදියා එක යහන
එක බඩ වැල කඩා විත් එක කිරි බී හැදුන
එක මව් කුසෙක ඉපදුන මුදු ඒපෙර පිනෙන
එක හිත් නොලදෙ ඇයි?කලකම් දෝ පෙර පවින

එක බිම කොටා තැනු මේ පොඩි ගෙපැල යට
එක දෙක උනා මල් පීදී පොකුරු වට
එක හිත රැඳුනු මේ මහ ගෙයි වහලෙ සිට
එක යායේ දුටිමි වෙන්වී බැඳුනු වැට

එක යහනේ නිදි ගත් වග මතකයෙ නැතිද
එක හීනේ උන් අපි අද වෙනතක යද්ද
එක කුස ඔත්ව ගත හිතේ වෙනසක් මොකද
එක බිම මියෙනූ මිස මොන වැට කොටු බැමිද ?

ගජයා


යාව උන්නට එකට එක හිත නැතුව
පාව ආ සුලඟ සීතල ගති ඇතුව
රාව දුන් කවේ හඬ හිත තනි මැකුව
පෑව පෙම් මල එසැන ගියෙදෝ පරව

ගෙනා හීන නැත රෑ නින්දක් නැතිව
හිනා සෙනු මා කෙලෙස හදවත තනිව
මනා පයක හිත නොසතුට අද ඇතිව
අනාගත හීනේ බොඳය මා පැතුව

අසනුය හංස ගීතය සවනට දුකක් වෙතී
රසවත පහස ලද උනුසුම මතකයෙක ඇතී
වසනුයේ කෙලෙසා දෙතැනක ඒ හිත් බිඳෙතී
රසඳුන නුඹය මුදු මේ ඇස් අද පලක් නැතී

ගජයා

සතුරු වෙනස

පිස එන සුලඟෙ මුසුවී එනවා නම් රැයට
හස රැලි නැගෙනු ඇත පිපි පුන් සඳ වන් මුවට
ලස වින් තැවෙන දෙරටක හිත් දෙක ඇති අයට
රස වත් පිලිතුරක් දෙනු ඇත දෙන්නගෙ හිතට

පුර එක බිම් කඩක අයිතිය කුමකට බෙදලා
බර අවි දරා ඇයි මේ එක මිනිසුන් මරලා
සුර විමනක් ලෙස දිලුනු රට දෙකකට කඩලා
විර සකයක් කුමට උඹ සිංහල මම දෙමළා

පිල් කඩ උඩින් පෙනෙනා පුර හඳ රෑ අහසේ
තල් අරඹට උඩින් නෙතු අග දිලිසෙයි එකසේ
හිල් වී ගත ගලන රුධිරය එක පැහැ විලසේ
කල් ගිය හිත් නරක අමතක කරලමු විගසේ

ඉතා දිගු කලෙක අපි එක ලෙස හිටපු හැටී
ඔතා දුනි තල් කොලේ හකුරුත් සමග රොටී
ගොතා බොරු කතා පරයන් දෙපිලකට වැටී
සතා හඳුන ගමු පිළිමල් අපෙ රටට වටී

ගජයා

තරුව

කඩා වැටෙනා තරුවකට
අහසක් ඕනෙ දිලිහෙන්ට
හැපි හැපී බිම වැළලෙන්ට
මහ පොළොවෙ මට ඉඩ දෙන්ට..........

පොළොව

අකීකරු පොඩි තරුවකට
හිතුනාට ඒ තනි හිතට
දෙන්න නම් බෑ ගිලිහෙන්ට
තරු අයිතිය දුර අහසට

දුර අහසෙ නුඹ උන්නාට
හිතු මතේ පෙම් බැන්දාට
දුක සෝක හිත වින්දාට
තවම බැහැනේ ගිලිහෙන්ට

දිලිසෙනා පුර සඳ එකට
එලිය දී නිල් කලු හදට
අයිතිය තවම නැතුවාට
තවම බෑ දෙනු මියෙන්නට

ගජයා

Jayanath Perera's photo.
කසුන් රුවන් නැති මුත් දුප්පත් කමට
අසුන් අරා සිටියේ හද රන් රුවට
දසුන් නොපෙනි ගියෙ නම් අද හෝ හෙටට
වසුන් දරා නුඹෙ පෙම අහිමි ද මෙමට

කුසුම් පිපෙන රෑ කල පිනි වහින විට
සියුම් සතුට පිබිදේ සිත පුරාවට
පියුම් පිපෙන ලෙස හද විල දැදුරු කොට
රිදුම් නොදෙන් වසුන්දරා තවත් මට

තෙරපුම තැවෙන හද පෙම තව ඉවසා හිඳිමී
වැළපුම නොවෙන තැවුලක වට හිත දුක ගෙවමී
ගැලපුම නොවෙන ඇරඹුම අද මම මග හරිමී
සැතපුම සදහටම වෙනතෙක් කල් යල් බලමී

ගජයා

තුන් තිස් පැයේ රැ කලුවර එබෙන සඳ
ඉන් පසු දිලෙන නිල් තරු මල් කැකුලු මැද
මින් දද විදින ලද පෑරූ අපෙ දෙහද
මන් නුඹ කෙලෙස අමතක කර දමන්නද

හැම රෑ වහල ඉහලින් සඳ නගිනා බවත් පෙනී
පෙම ගැන හිතා නුඹෙ හද තැවෙනා ඒ දුකත් දැනී
ඉම පෙනෙනා නොම තැනකට ගිය මගේ හිතක තනී
මම තාමත් නුඹ ගැන බව කන්දේ දෙවියෝ දනී

කැන්දා රෑ අහසෙ නිල් තරු හා සඳ එකට
බන්දා කොඳ කැකුලු හිස නිල් මානෙල් යසට
නින්දා වුනත් මගෙ නෑ සිය හා වරිගයට
හද්දා මගුල් නුඹ එක්කයි හෙට යමු ගමට

ගජයා

තුන් තිස් පැයේ රැ කලුවර එබෙන සඳ
ඉන් පසු දිලෙන නිල් තරු මල් කැකුලු මැද
මින් දද විදින ලද පෑරූ අපෙ දෙහද
මන් නුඹ කෙලෙස අමතක කර දමන්නද

හැම රෑ වහල ඉහලින් සඳ නගිනා බවත් පෙනී
පෙම ගැන හිතා නුඹෙ හද තැවෙනා ඒ දුකත් දැනී
ඉම පෙනෙනා නොම තැනකට ගිය මගේ හිතක තනී
මම තාමත් නුඹ ගැන බව කන්දේ දෙවියෝ දනී

කැන්දා රෑ අහසෙ නිල් තරු හා සඳ එකට
බන්දා කොඳ කැකුලු හිස නිල් මානෙල් යසට
නින්දා වුනත් මගෙ නෑ සිය හා වරිගයට
හද්දා මගුල් නුඹ එක්කයි හෙට යමු ගමට

ගජයා

Jayanath Perera's photo.
වෙනස

එක යායට එකට ඉන්න ඉමේ පිපුනු
එක වාගෙම නැතත් මේ බිමේම නැගුනු
එක කුලයක හැඩේ එක පාටක් නොවුනු
එක වන් හදවතේ දෙහිතක් ඇත බෙදුනු

රෑට වැටෙන පිනි වැස්සේ එක හීතට පෙඟුනී
පාට ගලන සඳ පානට වෙන පාටක් නැගුනී
කාට නොකීවත් හද තුල එකම පෙමක් හැඟුනී
ඊට වඩා දුක මම සුදු නුඹ රතු වී බෙදුනී

මගේ හිත වගේ.......වෙනස්
මගේ පෙම වගේ......වෙනස්
නුඹේ හිත වගේ......වෙනස්
නුඹේ පෙම වගේ....වෙනස්

ගජයා

Jayanath Perera's photo.
තරු කැට පාව එන ගන කලුවර ඇතිව රැයක
අරුමය දුටිමි හිනැහෙන ඒ නිල්වන් නෙතක
කරුවල මකා දා හද හිත හිනැහෙන පැයක
උරුමය මට නොමැත නුඹ තවමත් දුරු රටක

හිරු පායා එන විට පෙනෙන රැස් නේක
තරු හා එකට අඩ සඳ දිලෙනා රෑක
දුරු රට වුනත් මිහිමත සිදුවන දේක
අරුමය දැක ගන්ට නුඹ නැති එක සෝක

රතඹුරු පිපී ලෙල දෙන නිල් විල අසල
හිතපිරි මදී මතකය ආ ගිය එකල
අතදුර මදිය තවමත් නෙලුමට කැකුල
මතකය හිත දවයි දැන්මගෙ ගත දුබල

ගජයා

Jayanath Perera's photo.
පොබ කල රැ අහසෙ සඳ විය පුර පස දිලුන
සුබ තරු ලකුණ විය විටකදි මට මග කියන
ලැබ ගත සිතක හුන් උනුසුම මතකයෙ රැඳුන
නුඹ අද කොහි වෙද්ද මම මෙතැනම එක හිතින

අහසක දිලෙන නිල් තරු මල් රෑ එලිය මැද
පහසක මුදු සුවය විටක දි මම නුඹෙන් ලද
රහසක ගත ගෙතුනු නොබැඳුනු ඒ හිතක තද
කවියක ඔතා එවනෙමි නෙත වට කඳුලු බිඳ

සරතැස නිවා හමනා මුදු සුලඟ දිගේ
උරමත නිදන විට කෙහෙරැලි කරපු දඟේ
දුරනෙත නොයා නුඹෙ මුව මී බීව රඟේ
තෙරපුන පපුවෙ උනුසුම මට තාම අගේ

ගජයා

අහම්බෙන් දැක්ක නුඹ ගැන
හිත කිව්වේ මේ ඉන්නේ
හිතයි හදවතයි දෙකම
හොයපු රතු මල් පොකුර

ඉලුක් හෙවිල්ලපු මානා කැලේ මැද
කටු මැටි ගෙපැල අද්දර
පිපිච්ච රතඹලා මල් පොඩ්ඩ
හැඩකලා මුලු හිතම

දන්හිසටත් පහල ගවුමට යටින්
පෙනුන කිතුලක මල් රෑන
සුදුම සුදු පාට නොවුනට මූන
පැරදුවා පුන් සඳ ඊට

හද්දා පිටිසර ගෙයි පාට
සැනසුවා මගෙ හදවත රෑට
නොතලා ම නුඹෙ හිනා කට
ගෙවුනා හතරක් පෝය

හවසක එන විට හිත අරන්
කිතුල් මල් රෑන ගොස් හොරු අරන්
උලා පියරුත් ඇඳ ඇහි බැමි නේක
කප්පාදු කර තිබින රතඹලා මල් ගහම

ගජයා

Jayanath Perera's photo.
කෙසේ නම් උවම් කරමිද
දොතොල් නා දලු කියා
විසේ කාර කම් පිරි
තොඳොල් ලවනත බලා

ඇසේ කට කතා නුඹ
නරකය ගති කියා
වැසේ දෙසවන පුරා
කුමක් කියමි මුව අයා

වැරදුන බව සැබවී
කාලය ආයේ එනු නැතී
පරදුනේ මම නොවේ
නුඹයි ඒ ලාමක ගතී

ගැරහුම පිලියම නොවේ
මා අතත් වරදක් ඇතී
හැරවුමත් පහසුම නැතේ
ගං දිය පහලට යතී

ගජයා

Jayanath Perera's photo.
හමා එන සුලඟ අද දෙන හීතල වැඩිය
පමා වෙන මෝසම් වැස්ස නො එනා හැඩය
අමාවක නෙතට හිමි කඳුලයි ගත ලෙඩය
සමාවට කරුනු කීවට මගෙ හිත දැඩිය

හෙලා නෙත කඳුලු පිපිලා රෑ තරු අතර
නෙලා කොඳ කැලුළු මල් ගෙන අහුරක් විතර
විලා සිනියක විලස හැඩ බැලු නුඹෙ නිතර
කලා පිරු සඳ අවුත් හදෙ තාමත් අඳුර

ලෙලෙන ලපලු දලු හා මල් කිණිති නැවී
වෙලෙන සර සර නගයි මද සුළඟ පෙවී
පැලෙන සේ ලය දුක ඇවිත් ගතම දැවී
හැලෙන නෙතු කඳුළු මගෙයි කුමට ද තැවී

ගජයා

Jayanath Perera's photo.
පාලු රෑ මැදියමේ ඒ කලුවරට
නෙත නිදා හිත අවදි වී ඇතිවිට
හෙමින් ඔබ පා තබා යනෙනකොට
ඇහැරුනා කවිසිත ලියූ නුඹෙ නමට

දුක නැති එකම එක පොඩි කවියකට
ඉඩක් නොදුන් වග මේ කඳුලු කැට

ඉකි ගසා තැවෙනු බැරි පිරිමි කමකට
කුමක් ලියමිද නැති නුඹ හැරුනු කොට

පලාගිය මග දීග දුරයි නොපෙනෙන
ගලාගිය කඳුලු මග මටය අද වැරදුන
නොලා ඇත අගුලු විවරය දොර පියන
හලා හල විස නොවේ මගේ හද බඳුන

සිතුම් සෙවනැලි අඳින රූ හද බිත්තියක
පැතුම් පොදි පාව ගොස් වෙසෙයි මහ දුරක
රිදුම් පිරිමදිමින් තැවෙන හදවතේ සෝ දුකක
සියුම් පා හඬ වුවත් ඔබෙ හැඳිනියෙමි කලුවරක

වත්සලා විජයලත්ට පිළිතුරක්

මෙහි සියලු කාව්‍ය රීති නොසලකන ලදි

ගජයා
--------------------

Jayanath Perera's photo.
ප්‍රේමය මහ මෙරක් නොව උසුලනු හැකිය
කාමය රත් ගඟකි නවතා ලනු බැරිය
ආලය අන්ධ බව කියනා පොදු මතය
සීලය රකින අය හා ගනු දෙනු දුරය

ගීතෙක යොදා රස මුසු බස ඇසෙන සරින්
හීනෙක දුර යන්න ඇති නම් ඔබේ කරින්
මානෙක මා හොවා ගෙන ඔබ පේන දුරින්
රෑනෙක විහඟ හා ඉගිලෙමි ප්‍රේම දොරින්

පාට උලා වුවනත නෙක කර ඇති දේට
කාට පෙනෙන්නද කලේ මා අකමැති ඊට
රෑට පෙනෙන පුන් සඳ හා රන් වන් පාට
ඊට වඩා වටිනව ඇති පිවිතුරු දේට

ගජයා

'හදට පෑ සඳ

එලි යක් නොමැති ජීවිතයක හෙට දවසකට
දිලි සුන තරුව ඔබ මය පෙන් වු පාර තොට
සුලි යට හසුව පාවෙන විට  ගං දියේ සිට
පිලි සර නය උනා ඔබ ඒ ගං ඉවුරේ සිට

පර වුන සිත් මලට ඉස පෙම් දිය පුබුදාය
සිර උන හිතට සුවයක් නුඹ නිති කැන්දාය
හැර වුන ජීවිතය නිසි මග  ඒ පිලි පන්දාය
සැර සුවෙ නුඹේ සිරුර නුඹව මට හිමි වූ දාය

හී සර මලවි  ගේ කල හදවත පෙම මහරු
පැ  සර නෙතග නුඹ මුව  කෝමල ඇඳි සිත් රූ
රූ සර රසය විඳි හදවත ඒ පෙර නොවිරූ
රෑ පුර සඳ කුමට පෑ නුඹෙ වුවනත මහරූ

ගජයා'
හදට පෑ සඳ

එලි යක් නොමැති ජීවිතයක හෙට දවසකට
දිලි සුන තරුව ඔබ මය පෙන් වු පාර තොට
සුලි යට හසුව පාවෙන විට ගං දියේ සිට
පිලි සර නය උනා ඔබ ඒ ගං ඉවුරේ සිට

පර වුන සිත් මලට ඉස පෙම් දිය පුබුදාය
සිර උන හිතට සුවයක් නුඹ නිති කැන්දාය
හැර වුන ජීවිතය නිසි මග ඒ පිලි පන්දාය
සැර සුවෙ නුඹේ සිරුර නුඹව මට හිමි වූ දාය

හී සර මලවි ගේ කල හදවත පෙම මහරු
පැ සර නෙතග නුඹ මුව කෝමල ඇඳි සිත් රූ
රූ සර රසය විඳි හදවත ඒ පෙර නොවිරූ
රෑ පුර සඳ කුමට පෑ නුඹෙ වුවනත මහරූ

ගජයා


Jayanath Perera's photo.
හත් මුතු පර පුරම එක් කොට ගෙන කාර බැඳ
හිත් දෙක එකක් කොට අපි එක ගේ යටක ඉඳ
අත් දෙක තබා දෙකොපුලෙ ගිය සිප සිහින් බඳ
මත් වුන වෙලාවෙක විය තුන් වන සීලෙ බිඳ

මෙතුවක් තුන් හිතක නොතිබුනු දේ ඇල් මැරුනු
ගතුවක් නොකී තිබු කරුනක් හිත නොම පිරුනු
වරුවක් බලා හුන් පෙර මග නෙත් මග හැරුනු
බොරුවක් කල වග හැඟුනු මා ගැන කලකිරුනු

වට පිට ගන අඳුර හිත වරදක් කල සැටියේ
මට ඔය දෙනෙත් මග හැරුනා ඒ හිටි හැටියේ
කට රොලු මල් පිපෙන පරවන වග අද දුටියේ
දුට මන් බැඳෙනා නුඹ හිතේ කොතැනද සිටියේ

ගජයා


Jayanath Perera's photo.
ආපසු එනු පිණිස

පුරා සොළොසක් කලා පිරු සේ හිත මදින් මද
අරා නැගි එකලු කල කළු මගෙ හදවතේ මැද
සරා සඳ සේ පෑව සෙනෙහස් රැස් දහර බිඳ
ගරා වැටි මහ ගෙදර තනිවම නුඹ කොහෙද අද

හිනා මල් පොකුරු පැල කර දෙවැටෙ සිටුවා
ගෙනා පොඩි හීන දලු ලා රිකිලි දැමුවා
මනා ලෙස වැඩෙන හැටි හොර ඇහින් බැලුවා
විනාසය එමත වෙතිද මුලු හිත පෙලුවා

ගෙන එන වැසි සුලඟ සීතල හා හිරිකඩය
දින ගැන ගෙවෙනුයේ මේ නව වන අටවකය
පැන එන කඳුලු තනි වුන හිතකට බර වැඩිය
තැන තැන පැල කෙරුව ගස්වල අද මල් නැතිය

ගෙට එන පාරෙ තණ කොල ඇති සරුවට වැවිලා
වැට ඉනි පෙරලිලා මහගෙයි වහලෙත් දිරලා
රට වට කර බඳිනු වැට බැරි වග වත් හිතලා
හෙට වත් ගෙදර එනවද තවමත් දොර ඇරලා

ගජයා


Jayanath Perera's photo.
කන්ද උඩින් බැස යන විට රත් හිරු අවරේ
හැන්ද කරේ ඒ රුව දිලිහෙයි මේ වතුරේ
කුන්ද සමන් පෙති වියැකී කොඳ මල් ඇහැරේ
මන්ද පමා මම තවමත් වැව ලඟ ඉවුරේ

බැන්ද සෙනේ ගිය උතුරා මේ සොරොව් කොනේ
කැන්ද ගෙනේ යන පින මදි වග හිතට දැනේ

ලන්ද කොනේ පිපි කොඳ මල් ඇහැර්‍රිලා පෙනේ
මන්ද පමා නුඹ නා එක හිත දුකක් ගෙනේ

මන්දා රම ඇවිත් වැව් දිය කලුවකට පෙනේ
රන්දා හදවතේ පෙම එය තව දුකක් වුනේ
වින්දා ඇතිය කියලා දැන් මගෙ හිතට දැනේ
නින්දා නොදෙන් නුඹටයි තවමත් මගේ සෙනේ

ගජයා


මලක් පිපුනි මල විය නම කපුරු
සුදක් තිබුනි වත මැද පෙති මහරු
රොනක් පිරුනි ගනු බිය වෙති බඹරු
කලක් ගෙවිනි දැක එහි ගති නපුරු

ඇතත් ගුනය මලකට ඇති සියුමැලි කම තාම
පෙතිත් හැකිල නැති ඈ හට බිඟු කරනව පේම
රොනුත් නොගත මුත් ඒ බඹරුන් එයි හැම දාම
නෙතත් හිතත් මම ඉවතට ඇද ගන්නේ කෝම

කපුරු මලක සැර සුවඳයි එක යායට හැමුවේ
නපුරු බවක ගති නැති මල් වෙත ඒ බිඟු නතුවේ
බඹරු නොයෙක වර අවුදින් රොන් පමනකි පැතුවේ
කවුරු කෙලෙස කීවත් හදවත නුඹටයි පිදුවේ

ගජයා


අපි ඇමෙරිකානුවෝ නොවෙමු
ඔබ ඔබගේ ඇමරිකාවේ වැසියනට සාධාරනය ඉටු කරන්න.එසේම ඇමරිකාව නිසා තලා පෙලා හෙම්බත් කල රටවලට ද ඔබේ සහය දෙන්න
ඔබ ඔබ ඇමරිකානුවන් බලා ගන්න අපි අපේ රට ගැන බලා ගන්නෙමු
ඔබ සිතුව යම් අසාධාරණය ඇමෙරිකානුවන්ට සිදු නොවෙනවා සේම සෙසු
රටවල මිනිසුනට ද එසේ සිදු නොවෙන්නට ඔබගේ පාළනය කරගෙන යන්න
ට්‍රම්ප් මහතාණෙනි ඔබගේ ජයග්‍රහනය ට සුබ පතමි
නිදහස් නොබෙදුනු සාමය රජයන ඒකීය ශ්‍රී ලාංකාවක්
පතන ජනතාව වෙනුවෙනි

ගජයා


අකීකරු සිසු
කියන හැම දේ එලෙස පිලි ගනු නැති කමයි
හිතන සිතුවිලි එලි පිටම කී රලු තමයි
පතන හෙට ගැන නොයෙක් හීනද බිඳ දමයි
ඉගෙන ගන්නට කැමති ඔබගේ සිසු මමයි
ඉතුරු කර ගත් දැනුම බෙදුකල ඒ පිබිදුමයි
අතුරු මගකට නොහැරි යන ගමනක විසඳුමයි
අකුරු කරනා විට හිතට දැනෙනා සැනසුමයි
නපුරු වෙන්නට එපා ඔබ ගුරු සිසු මා තමයි
උතුරු කොන සිට ආව සුලඟට ගත තෙමයි
කපුරු මල් පිපිලා සියුම් සුවඳක් හමයි
අකුරු කල පබැඳි කවි සිතුවිලි බිඳ දමයි
ඉතුරු වෙන පාඩමේ උන් සිසුවා මමයි
ගජයා
කලු කර වලා අහසම බැඳි මේ වෙලාවක
කලු ගඟ උඩින් හද කලතයි රස ගුලාවක
කලු වර නැගෙයි තරු පායන එක රටාවක
කලු තර සුදු නගේ නුඹෙ හිත වෙන දිහාවක
මුලු අහසම කලුය තරු මල් වැල් දිලියේ
නිලු පුල් නිල් නෙතක මතකය සිත නැගියේ
කලු වර මකා හදවත කල කල එලියේ
රලු බව දුටිමි නෙතු අග කඳුලක් නැගියේ
පුන් සඳ ගෙවී අව පස ගෙන ඇති සඳක
අන් කිසි එලිය නොම දෙයි කලුවර පැ‍යක
සන් සිදු වනු පිණිස සිතකට නැගි දුකක
දැන් වත් දැනෙනවද දුක හඬනා හදක
ගජයා


නාමල් සුවඳක් සේ හෙමිහිට
පාවී අවුදින් මගෙ කුටියට
යා කල හදවත් දෙකොනක
තව කොයි කල් සුවඳ ලබන්නද
වසත් කල අවුත් හැම තැන
ගිම්හානය ද මට මේ සැමවිට
නොසිතුව මැනවි යලිත් මා ගැන
සිතින් ඉවත් කලා ඔබේ මතකය
හමා එන සුලඟ අද සීතල ද වැඩී
ඇරුනු කවුලුව වසා අගුලු ලමී
නැහැය ද වසා හිත තද කර ගතිමී
නාමල් සුවඳ ගැලුවා කඳුලු ද සමග
ගජයා
සඳේ නුඹ මා ලඟම සිටිය වග නම් ඇත්තයි
හදේ උනුසුම මට හොරා ගතට අර ගත්තයි
උදේ රෑ වෙන තුරා එය ග්‍රෙගරි වැව දැක්කයි
රිදේ මගෙ හිත ගිය වගක් නොදැනුනා සත්තයි
දියේ මතුපිට සඳ ඇවිත් ඇතේ රුව ඇඳලා
රැයේ තරු වැල් ගනින්නට බංකුවේ ඉඳලා
තියේ තාමත් උන්නු තැන තවම නෑ මැකිලා
ගියේ යලි එන්නටයි අද මටත් මග හැරිලා
සිනා සෙන තොල් අතර දිලිසෙන නල දතක් දැකලා
ගෙනා වග හීන අතොරක් මගෙ දෙකොපුලේ තියලා
මනාපෙක නොම නාප කම් මැද කාලෙ ඇත ගෙවිලා
දිනා ගත් කිසි දෙයක් නෑ මට නුඹත් මග හැරිලා
අත් පුරා සීතලට දුන් උනුසුමක් නුඹෙ තිබුනා
රත් කලා පිඹ කටින් අත ගෙන සිනා මල් වැටුනා
හිත් විල කලතලා පෙම් දියෙන් ග්‍රෙගරි වැව පිරුනා
රත් තඹුරු මල් පිපිලා ඒත් නුඹව මග හැරුනා
ගජයා
මේ මගේ කවිය ශානි ගේ කවට ලියූ පිලිතුරු කවක් වග කියමි.ඈ අපූරුවට එය ගෙත්තම් කර තිබුනා..ඇගේ කවේ වචන හා තේරුම් මේ කව සඳහා යොදා ගත් වග ද කියමි..ශානිට ස්තුතියි


පුරඟන හද සර
දෙන කෝකිල හඬට රඟ දෙන හිත මන මාල
ගෙන හදවත අගට නුඹ දෙන හැඩ මන ලෝල
යන එන ගමන ඉඟ සුඟ ගැන වෙහෙසෙන තාල
මන දොල සපුල අඟනකි පුර නුඹ සුවිසාල
යන එන අයගෙ නෙත් හී සර කොනකින් බැලුවා
සැනසෙන අයුරු මිස උන් වෙන හිතකුත් නැතුවා
පිනවන ගතක නැගි දුක රස යටපත් කෙරුවා
දැනගෙන දිවිය ගෙන යන්නට වරදක යෙදුවා
හස රැලි නගන මුත් අසතුට හදවතක තියේ
රස වෙලි ගතක උනුසුම උන් ඒ ලබන පැයේ
පිසබැලි කඳුලු මත ඇති කාසිය ගෙවූ රැයේ
වසගිලි සෙයක් දැනුනත් වෙන විසඳුමක් නොයේ
සින හව යටින් ඇති කඳුලක් දිලෙන නෙතේ
සැන සුව කෙනෙක් හමුවූ බව හිතක නැතේ
තණපට යටින් හදවත ඇති බවක් ගතේ
මනසින් දැන උගත් මිනිහෙකු කොහේ ඇතේ
ගජයා


කලුවර ආකහේ සඳ වත ලඟ පිපුණු
දලු ලිය දමා හදවත ගත අග වෙළුනු
නෙළුමක පෙති සුවඳ සේ නුඹ හිත රැඳුනු
බැලුවම පින් බරයි දෙකොපුල් වල සැදුනු

ඉර බටු තරුව සේ පෑ හිත් අහසේ දිලුන
දුර සිට වුවත් ඒ දුන් එලියෙන් තනි මැකුන
සිර කල හදවතේ පෙම නුඹ හා දිග හැරුන
පෙර පින නැතුව දෝ නුඹ අද මට මග හැරින

ඉර බැස යන හවස වෙරලක ලඟ නුබ කලාවක්
දුර සිට බැලිමි පෙර මතකය කල රස ගුලාවක්
පැර දුන හිතට නුඹ ගැන හදවත කී කතාවක්
වැරදුනු බව සැබැයි එනවද මෙහෙ එක වතාවක්

ගජයා


වෙනදා වගේම අදත් 
මගේ හිත් ආකහේ පායලා
ඒත් වෙනදා නොදකින එලියක්
තියෙනවා කියලා හැමෝම කියනවා
ඒත් මට එහෙම දෙයක් හිතෙන්නේ නැත්තේ
ගෙන දෙන එලියකට වඩා 
මේ වගේ මේ දවසට එන එකයි
මාසයක් පුරාවට බලා ඉන්නෙත්
ඒ නිසාමයි මිදුලට වෙලා
මම දන්නවා අද වාගේම
හෙට මෙහෙන් යනවග
ඒත් මේ මතකය තවමත් එහෙමමයි
පුරාවට පිරුනට අද විතරක්
එක එක වර ටිකෙන් ටික අඩුවෙනවා
අවපසට හැරෙන කොට එලිය අඩුවෙනව
ඒත් මම හැම දාම පුර පස එනකල්
මාසයක් තිස්සේ මේ මිදූලට වෙලා
උඹ එනකල් බලා ගෙන ඉන්නවා
අදත් ගේ ලඟටම ඇවිත්
හැබැයි අද වෙනදට වැඩිය එලිය වැඩියිලු
අනේ මන්ද මට එකේ වෙනසක් නෑ
එදා දැක්ක සීතල කහ පාටම තමයි
මම කැමතියි තාම ඒ කහ පාටට
ඒ පාට දිගේ කොඳ මල් පූදිනව බලන්න
උඹ ගැන අනෙක් වුන් කතා වුනත් අද විතරක්
මම හිතුවේ උඹ ගැන හැම දාම
එළිය නැති අමාවක දවසටත්
අවපසට හැරෙන හැම දවසටත්
මම තවම මිදුලෙ
උඹ මට ලං වෙන්න බැරි තරමට
දුර ආකහේ

මම ගජයා