Saturday, December 3, 2016


Jayanath Perera's photo.
එක ගෙයි එක කාමරේ නිදියා එක යහන
එක බඩ වැල කඩා විත් එක කිරි බී හැදුන
එක මව් කුසෙක ඉපදුන මුදු ඒපෙර පිනෙන
එක හිත් නොලදෙ ඇයි?කලකම් දෝ පෙර පවින

එක බිම කොටා තැනු මේ පොඩි ගෙපැල යට
එක දෙක උනා මල් පීදී පොකුරු වට
එක හිත රැඳුනු මේ මහ ගෙයි වහලෙ සිට
එක යායේ දුටිමි වෙන්වී බැඳුනු වැට

එක යහනේ නිදි ගත් වග මතකයෙ නැතිද
එක හීනේ උන් අපි අද වෙනතක යද්ද
එක කුස ඔත්ව ගත හිතේ වෙනසක් මොකද
එක බිම මියෙනූ මිස මොන වැට කොටු බැමිද ?

ගජයා

No comments:

Post a Comment