Saturday, December 3, 2016


'හිතුමතේ ආවාට දවසක හද දොර ඇරලා
හදවතේ තියෙන පෙම කෙලෙසක දෙන්නද බෙදලා
ජීවිතේ පුරාවට ඉන්නම හිතුවත් පතලා
මේ හිතේ ඉන්නේ ඇයයි   දැන් කුමකට හඬලා

එකවර ගී දෙකක් කිසිවිට ගයනු බැරී
දියවර ගලනු පහලට මිස එයි නොහැරී
පැහැසර අරුණ නැග ඒ උදයේ ඇහැරී
හදසර විදින මලවිගෙ නියමය අසිරී

නෙතු පාරා  එන කඳුලට හිත නැමෙනු නැතී
අතු පතරා නොම විහිදෙන හද පෙමක් වෙතී
සිතු ලෙස  පිපි  පුර හදමල සිත් වසා ඇතී
පැතු පෙම නුඹ හිතේය  මගෙ තුන් හිතක නැතී

ගජයා'
හිතුමතේ ආවාට දවසක හද දොර ඇරලා
හදවතේ තියෙන පෙම කෙලෙසක දෙන්නද බෙදලා
ජීවිතේ පුරාවට ඉන්නම හිතුවත් පතලා
මේ හිතේ ඉන්නේ ඇයයි දැන් කුමකට හඬලා

එකවර ගී දෙකක් කිසිවිට ගයනු බැරී
දියවර ගලනු පහලට මිස එයි නොහැරී
පැහැසර අරුණ නැග ඒ උදයේ ඇහැරී
හදසර විදින මලවිගෙ නියමය අසිරී

නෙතු පාරා එන කඳුලට හිත නැමෙනු නැතී
අතු පතරා නොම විහිදෙන හද පෙමක් වෙතී
සිතු ලෙස පිපි පුර හදමල සිත් වසා ඇතී
පැතු පෙම නුඹ හිතේය මගෙ තුන් හිතක නැතී

No comments:

Post a Comment