පොබ කල රැ අහසෙ සඳ විය පුර පස දිලුන
සුබ තරු ලකුණ විය විටකදි මට මග කියන
ලැබ ගත සිතක හුන් උනුසුම මතකයෙ රැඳුන
නුඹ අද කොහි වෙද්ද මම මෙතැනම එක හිතින
අහසක දිලෙන නිල් තරු මල් රෑ එලිය මැද
පහසක මුදු සුවය විටක දි මම නුඹෙන් ලද
රහසක ගත ගෙතුනු නොබැඳුනු ඒ හිතක තද
කවියක ඔතා එවනෙමි නෙත වට කඳුලු බිඳ
සරතැස නිවා හමනා මුදු සුලඟ දිගේ
උරමත නිදන විට කෙහෙරැලි කරපු දඟේ
දුරනෙත නොයා නුඹෙ මුව මී බීව රඟේ
තෙරපුන පපුවෙ උනුසුම මට තාම අගේ
ගජයා
No comments:
Post a Comment