Saturday, December 3, 2016

නුඹ හිතා හිටියාට............
එන්නේ කොහොමද එක හිතින්
එක හිතක් නුඹට නැති කොට
මාත් බලන් උන්නා කාලයක්
වෙනස් වේ යැයි හෙටවත්.............
මීදුමත් ඇවිත් හනිකට
බොඳ කලා මාවතත්
නෙලා ගත් රත් මල් මිටත්
පෙති එක්ක විසිරුනා බිමටම.........
පාලු පාරක මේ දුරක්
ආව මුත් තනි හිතට
වාරු නෑ එන්න නම්
දමා උන් මහ ගෙදර...........
ඉර හඳත් වගෙයි මට උන්
හුස්ම පොද නුඹ මගේ
තරහා වෙන්නට එපා නාවට
මැරෙයි මගේ මව් පියෝ...........
ගජයා

No comments:

Post a Comment