Saturday, December 3, 2016

කලු කර වලා අහසම බැඳි මේ වෙලාවක
කලු ගඟ උඩින් හද කලතයි රස ගුලාවක
කලු වර නැගෙයි තරු පායන එක රටාවක
කලු තර සුදු නගේ නුඹෙ හිත වෙන දිහාවක
මුලු අහසම කලුය තරු මල් වැල් දිලියේ
නිලු පුල් නිල් නෙතක මතකය සිත නැගියේ
කලු වර මකා හදවත කල කල එලියේ
රලු බව දුටිමි නෙතු අග කඳුලක් නැගියේ
පුන් සඳ ගෙවී අව පස ගෙන ඇති සඳක
අන් කිසි එලිය නොම දෙයි කලුවර පැ‍යක
සන් සිදු වනු පිණිස සිතකට නැගි දුකක
දැන් වත් දැනෙනවද දුක හඬනා හදක
ගජයා

No comments:

Post a Comment