Wednesday, January 6, 2016
අහසක පිපුනු තරු මල විය නුඹ ගගන තලේ
පහසක විඳිනු කෙලෙසක දුර හදවතක් සැලේ
අකුලක පිපුනි නම් නුඹ මල ලෙස වන වදුලේ
කටුවක ඇනුන මුදු විඳිමි සුවඳ මෙ හැම වෙලේ
අමාවක දාක අහසේ පවතින ගන කලුව
සැබෑවක ඔබයි ගන හද අඳුරක් නිති මැකුව
කලාවක පුරන අව සඳ ලඟම උන් තනි තරුව
පමාවක වෙලා හෝ නුඹෙ රුව මා හද පෙලුව
අහසට උරුම දෙය අහසට හිමි ඇති හන්දා
පොලොවට උරුම කම් කීමට බැරි හන්දා
අහසට පොලොව වැඩි වැඩියෙන් දුර හින්දා
හදකට නොම දැනී මගෙ හිත ඉකි බින්ඳා
ගජයා
Subscribe to:
Posts (Atom)