Saturday, September 3, 2016

අලුකල දවා ලූ සිතු විලි ඇඳි පෙර දවස
කලුබව දුටුව දා කැඩපතකින් මා මනස
හෙලුවට කඳුලු කුමකට පල මේ මගෙ දෙ ඇස
බැලුවම දුටිමි නැති බැරි කම ආ මග දෙපස

සිතු විලි ගලන වග දැනුනා හදට හෙමින්
පැතු වග නොදැන ඇති නැති ඒ දුරට පෙමින්
මතු දින දැනෙන දේ හා සිත එකඟ වෙමින්
ගෙතු පෙම් කතාවකි මේ බැඳි යකුලු දමින්

ඉර හා සඳට ඇති දුර මට ගනන් නැතී
දුර සිට වුවද ඉර සඳ වෙත එලිය දෙතී
සිර කර මගේ හදවත නුඹ පලා ඇතී
පැර දුනෙ මා නොවේ ඒ කාසියේ ගතී

ගජයා
ගලනා පිනි මකා සීතල අත දඟ කරනා
ලෙලෙනා යාය මත මුලු ජීවේ වෙන් කෙරුනා
නෙලනා අතින් එක දෙක වී කූඩෙට දැමුනා
ගෙවනා ජීවිතයෙ දුක මේ දලු මත රැඳුනා

ගෙවනා ජීවිතය දින පරදන දුක් සැරිය
හෙලනා කඳුලු හා පිණි මුසුවූ රලු දිරිය
නෙලනා දල්ල මත සීතල රැඳි දුක පිරිය
පෙවෙනා තේ පාට ඇගෙ රතු ලේ දිග හැරිය

වින්දයි දුකම ගන මීදුම සීතලය මකා
දුන්නයි රටට කාසිය නැති දියුනුවම තකා
කන්දයි ජීවිතේ ඇගෙ පල්ලම අතර දුකා
රන්දයි දුකම සැප ඒ විද ඇගෙ හිතට සැකා

ගජයා

සඳ වත මිදී දිය මත රෑ සඳ මිදුනාම
කොඳ මල් ඇහැරි සුවඳයි ඒ මල් පිපුනාම
විඳ වන තරම් හිත නුඹ දන්නේ නෑ තාම
බිඳ බිඳ කඳුලු හා පිණි වැටෙනව හැම රෑම


පෙම මේ තරම් උනුසුම් දෙන හිතක මගේ
කිම නුඹ තවත් දුර සිට මේ කරන අගේ
හිම කැටි පලා විත් සීතල දෙවන රඟේ
මම මෙහි තනිව නෙතු අග දුක් කඳුලු නැගේ

සීත පාවෙලා එන සුලඟට ගුලි වෙමිද
ඈත පුරපස හඳට මගෙ අත දිග මදිද
දෑත පා නැවත ගත්තේ ඒ පෙර පවද
පාත ලඟ කවුරු සිට මේ දුක විමසාද

ගජයා

තුන් තිස් පැයේ රැ කලුවර එබෙන සඳ
ඉන් පසු දිලෙන නිල් තරු මල් කැකුලු මැද
මින් දද විදින ලද පෑරූ අපෙ දෙහද
මන් නුඹ කෙලෙස අමතක කර දමන්නද


හැම රෑ වහල ඉහලින් සඳ නගිනා බවත් පෙනී
පෙම ගැන හිතා නුඹෙ හද තැවෙනා ඒ දුකත් දැනී
ඉම පෙනෙනා නොම තැනකට ගිය මගේ හිතක තනී
මම තාමත් නුඹ ගැන බව කන්දේ දෙවියෝ දන

කැන්දා රෑ අහසෙ නිල් තරු හා සඳ එකට
බන්දා කොඳ කැකුලු හිස නිල් මානෙල් යසට
නින්දා වුනත් මගෙ නෑ සිය හා වරිගයට
හද්දා මගුල් නුඹ එක්කයි හෙට යමු ගමට

ගජයා
පොකුරු වැස්සට පිලිතුරක්