Saturday, September 3, 2016

ගලනා පිනි මකා සීතල අත දඟ කරනා
ලෙලෙනා යාය මත මුලු ජීවේ වෙන් කෙරුනා
නෙලනා අතින් එක දෙක වී කූඩෙට දැමුනා
ගෙවනා ජීවිතයෙ දුක මේ දලු මත රැඳුනා

ගෙවනා ජීවිතය දින පරදන දුක් සැරිය
හෙලනා කඳුලු හා පිණි මුසුවූ රලු දිරිය
නෙලනා දල්ල මත සීතල රැඳි දුක පිරිය
පෙවෙනා තේ පාට ඇගෙ රතු ලේ දිග හැරිය

වින්දයි දුකම ගන මීදුම සීතලය මකා
දුන්නයි රටට කාසිය නැති දියුනුවම තකා
කන්දයි ජීවිතේ ඇගෙ පල්ලම අතර දුකා
රන්දයි දුකම සැප ඒ විද ඇගෙ හිතට සැකා

ගජයා

No comments:

Post a Comment