Friday, February 5, 2016

එක එක කාලෙට අපේ රටේ සොබා දහම වුව වෙනස් වෙතේ
එක දෙක නොව හත් කඩකට බෙදිලා මුන් හැම මරා ගතේ
නෙක නෙක පාටින් ඔවුන් ඇන්දිලා උන් ටම උන් වල කපාගතේ
එක පාරක් රෑක වැටුනු වලෙ මහ දහවල වුව මුන් වැටී යතේ
අන්න බලන් හඳ දිලිසෙන තාලෙට දුරින් වුනත් රෑ අහසේ
ඉන්න හිටින්නට ඉඩ සලසනවා චන්දේ දියව් තොපි මට රහසේ
කන්න දෙන්නෙ කිරි පැණි නොව කිරි සයුරක ගිල්වා සතොසේ
දෙන්න දෙන්න තව තද කර ගත්තා පටි අපි හැම රෙදිකඩ අස්සේ
නැතුව හිටිය හැම දෙයක්ම දිනුවම උන් උන් හැම ලබා ගතේ
පැතුව නැතිද මුත් සැප සහ තව දේ කට ලඟ ටම ගලා එතේ
සතුව නොතිබු රජ පෙල නම් ගම් ගෙන කව් පසැසුම් ගයා ඇතේ
තිබුව තැනෙක් කොයිවෙතිදෝ දුප්පත් ජනයා ඔවුනට නෑ සතේ අතේ
ගජයා
පල බර වෙන හැමකල් සරු පොලොවක ලද උරුමේ
ඇල දොල ගඟක සිහිලැල් සුව පෙන දිය දහරක අරුමේ
ගල උඩ වුවද සුහුඹුල් ඇට පැලවෙන හැම දසත ඉමේ
හෙල දිව වරුන කොතෙකුත් කිව ලිය මුත් නොමැත නිමේ
පෙර හෙලයන් කල කී දෑ ගෙන හැර පා අපූරුව
කර උන් මතින් ගෙන යති අපේ උන් මුන් ගේ උජාරුව
හිර කර ගන්න බඩ වේලක ගිනි කන පොඩි උනගෙ පව
බර වැඩි මජර දෙස් පලුවන් කල ගොන් කම් නිසයි තව
එක එක පාට ගෙන පොඩි උනගේ ඇස් වල තවරා
එක දෙක නොවෙන වැඩි පිල් ගොන්නක දා අඹරා
සක පොරුවක බැඳ පොඩි දන දක්කා ලෙස ගවරා
එක එකා දෙපිලෙම උන් මරවයි උන් වෙත දොස් පවරා
පෙර අපේ සිව් හෙලේ සිටි යෝධ මහ විරුවන් ලෙසින්
උර තබව් හැම එකා අවුදින් මහා සිංහල කඳු වෙසින්
කර තබන් යන පාට පැති හැම ඉවතලා අපි සෙනෙහසින්
පර දෙසින් සේම කඩු ගා කපපියව් රටට වින කටිනා එවුන්
පන් සලේ හැම පල්ලියේ ඉන්න සිංහල හැම එවුන්
තුන් හෙලේ පෙර සිටියේ අපි එකම ජාතික පෙමින්
පින් බලේ කට මයි නොවෙමු දෝ මේ රටේ අපි උපන්
දැන් ඉතින් වත් එක් වෙයව් රට බෙදයි මේ මහ එවුන්
විසල් කලු ගලක් මෙනි ඇගෙ සිත මහරු
කමල් විල පිපි මෙනි පිරි මුව හස තඹුරු
නිමල් ලෙස කියු ඇගෙ තතු විමසනු කවුරු
පලල් දෙතොල් ඇගෙ මුවගට දෙයි රුසිරු
සවි කර ජීවිතය ගෙන යන්නට නිති සමබරව
අවි යක් කර නොගෙන සිටියද තනිකඩ හුරුව
කවි යක රැඳුන සිත ගෙන ආ මග මිට මොලව
දිවි යක සුවය සෙනෙහස නොලැබුනි ඈ පැතුව
කල් යත් යත්ම මී පැණි වුව මිහිරි නොවේ
සල් මල් ගස වුවද විටකදි සුවඳ නොවේ
සිල් ගත් සිත වුවද නොවිඳි නු ඇත අමර සුවේ
සල් ලිය ජීවිතය වූ විට හිත ගත ඉබේ දැවේ
සවියට නොම ඉන්න දිරියක් ඇති නොවුනු ගතේ
පලියට හැඬුම කඳුලට දිය ඉඩ නොහැකි නෙතේ
එලියට කලුවරට සඳ හිරු එකමයි මෙම දියතේ
කවියට ඔබේ පිසලයි නැගෙනා කඳුල නෙතේ
ගජයා

පාන් දර ඇහෙන නෝක්කාඩුව ලිප එක්ක
හීන් කෙඳිරිය කටක නිතර නුඹෙ මම දැක්ක
පාන් කාලට වඩේ බත් නැතුව ගිනි රැක්ක
කේන් තිය පහවුනේ මල්පැන් පොද එක්ක
මල් වැටුන ගුරු පාරෙ ඉස්සරම උඹ දැක්ක
කල් ඇතුවම අවුත් බලා සිට මග රැක්ක
සල් මලක සුවඳ දී දෙන සිනා පොද එක්ක
කල් යත්ම නුඹ කොහෙද ඒත් මම උඹ එක්ක
එදා වගෙ හැමදාම මම හිතන හීනයක
හදා ගනු බැරිනොවේ රිදවනා වැරදි එක
සදා කල් රැඳෙනු බැරි එකම එක හදවතක
බෙදා වෙන් නොවු එක ගෙදර තැන් දෙකක
ගජයා

තාත්තා නැති වෙච්චි
අම්මෙකුයි පොඩි කොල්ලෙකුයි
ඇවිත් හිටියා පෝලිමේ
කච්චේරියේ කලුතරට
මාත් එක්කම ඉස්සරාහින්
හිනැහුනා යන්තමට
පින් පඩි කොලේ හදා ගන්නම
පඩි නැගලාම හෙම්බත්ව
මගෙ කනෙත් බේරුනා දාඩියම
වතුර බෝතලය පෙවුනාම
එකම එක උගුරක් හිටගෙනම
පොඩි එකා ගේ මුන කට
හිනැහුනා දුන් වතුරත් එක්කම
දෙකෙන් පහලට යන්න ඊලඟට
බැංකුවට පහලින් ඉහලට
ආයෙමත් කඩ පොලට
පොටෝ කොපියක් ගන්නට
මග දිගට පොඩි එකා එල්ලිලා
අම්මත් එක්ක හති ද දා පස්සෙන්ම
මහත්තය දැන් යන්න
ඔය අම්මත් යන්න
හෙට අපේ සර් නෑ පදවි ප්‍රාප්තිය නිසා
පුලුවන්නම් එන්න කෝල් එකකුත් දෙන්න
අපිනං අනිවාර්යයෙන් එනව නියෝගය ඒක
ඒත් ඉතින් සර්ල හෙට නෑ ඉතිං මිස් ගේ හිනා කට
කොලඹ යනව නේ හිටං බෙරි උනා අම්මගෙ මූණ
ගජයා
අහසක පිපුනු තරු මල විය නුඹ ගගන තලේ
පහසක විඳිනු කෙලෙසක දුර හදවතක් සැලේ
අකුලක පිපුනි නම් නුඹ මල ලෙස වන වදුලේ
කටුවක ඇනුන මුදු විඳිමි සුවඳ මෙ හැම වෙලේ
අමාවක දාක අහසේ පවතින ගන කලුව
සැබෑවක ඔබයි ගන හද අඳුරක් නිති මැකුව
කලාවක පුරන අව සඳ ලඟම උන් තනි තරුව
පමාවක වෙලා හෝ නුඹෙ රුව මා හද පෙලුව
අහසට උරුම දෙය අහසට හිමි ඇති හන්දා
පොලොවට උරුම කම් කීමට බැරි හන්දා
අහසට පොලොව වැඩි වැඩියෙන් දුර හින්දා
හදකට නොම දැනී මගෙ හිත ඉකි බින්ඳා
ගජයා

හිස සිට දෙපතුලට නොමැතිව අඳිනට ගොමස් කඩක්
කුස කට නොදෙන හරියන්නට තුන් වේලෙන් එකදු කටක්
දස අත බැලුව හොත් නොපෙනෙන මෙහි ඉමක් කොනක්
රැස කගෙ ජීවිතය ඇත්තේ විඳිමින් නෙක අපා දුකක්
හඳකට ගොසින් හෝ ගෙන සහලින් සිය ජනයාට
කටකට ලබා දෙන බව අන්ඳා පෙර කිව් මුසාවට
ඇට අට ගන්න හති වැටිලා තම කතිරය දුන්නාට
පිට රට හෙන පුපුරු ගෙඩි වැටුනා අපෙ කරුමයට
හෙට්ටු කරන් පොඩි මිනිහගේ හෙලනා රන් දහඩියට
තට්ටු මාරු ලෙස රට කරවන මේ ජඩ ගොන් රැලට
මට්ටු කරන්නට ඉපදුන රතු තරු මිටි දැකැති පෙලට
කට්ට ලෙවති තාමත් ගොලු බිහිරිව අඳබාලුන් ලෙසට
අපට පන්ති පහ කියවා නොව විසි තිස් වසරක්ම
රටට අන්ති මයි නැති කලෙ රට මෙන් වූ ජීවිතම
පිටට පෙන්වු මුල් තැන් ගත් ලොකු ලොකු වුන් පෙලම
රටට වින කරන ජඩජයන්ගේ උන් පර වහලුන් වීම
ගජයා

බලා සිටියදී කලුවට තිබු අහස දෙස
වලා යටින් දුටුවෙමි තරු කිනිති රැස
හෙලා වැටී විලට ඉන් තරුවක් දිලුනු යස
නෙලා ගන්නෙ කෙලෙසක එය විලට බැස
ජීවන ගමනේ ගෙව් දින සති මාස ගනන්
පීදෙන කැකුලු තරු මල් සිය දහස් ගනන්
පෑදෙන විලට වට මේ තරු මලම අරන්
පාවෙන දෙහද ඉවසා සිටී දෝ දුකම දරන්
විලකට වැටී අහසක සිටි තරුවක් රැයක
කලකට පෙරදි ලද සුවයක් වන් නුබකුසැක
කෙලෙසට විඳිනු හැකි දෝ මේ සීතල විලක
තරුවට උරුම මෙය නම් වෙයි ඒ පෙර පවක
අහසට සඳට තරුවට අයිතිය වෙති කවුරු
විලකට වට දිය සීතල ගති ඇති එය නුහුරු
තරුවට අහස මෙන් සඳ වුවද අයිති කරු
කෙලසට කියනු මා තරුවට පෙම් කල අයුරු
ගජයා
අසා දුකට පත් මිනිසුනගෙ නැති බැරිකම ගෙන පාන
පසා කරන ලය බොරු බේගල් වපුලා ගෙන ඇද බාන
දෙසා බාන වැදි බන නොයෙකුත් නෙක රූ පාටගෙන
මුසා බසට රැවටුන බව දන්නේ පසුවයි මේ අපේ දන
හිනා කට දමා නෙක විසිතුතුරු ඇඳුමෙන් සැරසීලා
මනා ලෙස මුසා බස ජන මන දෙවනත් කර ලීලා
දෙනා නොදෙන නෙක දෑ පා මුල දොරලඟ තියලා
මනා පයක් ලැබ නොලැබම මැති සබයට උන් පැනලා
රට කරවන නිති රැක වරනය සෙත සැදුමද නියම වුන
හෙට ගැන නොවෙද උන් සිත යෙදු මුදු එය නොම සිතන
කට මැත දෙඩුම මිස ජඩ වැඩ බොරු බස් හැමවිට දොඩන
මට අවසරය දෙනු මැන නීතියෙ කගපත මුන් හැම නසන
ගජයා
හද වත උපන් කවි සිතුවිල්ලකට
පද බැඳින අම රස එන විලසකට
මද හස නැඟෙන කාගෙත් මුවකටට
අද විරසකක් ඇයි එය වුනිද වරදකට

රස මුසු අරුතකට නොම කල වෙලාව්ක්
බස ඔබේ නොම දෙනු නැත මුලාවක්
පස මිතුරු ලෙස දකිනු ඇයි මෙය කලාවක්
පස සිය යුතු නොවෙද ඇය ගැන සැබෑවක්
හිත ගැන ඔබට මට කිව නොහැකිය කතාවක්
මත ගැටුමකට යා නොහැකිය එය දිගු කතාවක්
සිත ඔබ හැඳුනුයෙද පෙර ඇගෙ ඔබ කී වතාවක්
ඇත ඔබ නුහුරු ලෙස සිතනා වරදක බැඳි විලාසයක්
පැහැ සර අරුන දෙන සුව දවසක උදයේම
දැහැ නක සම වැදුන සිත පිබිදුනි තුන්යාම
නැහැ තවම ඔබගෙන් මගෙ සිත මිදිලා තවම
සැහැ සිව සිතන එක පෙර මගේ පව් කාර කම
ගජයා

දිව සලු පිලි රන් අභරන දෙනු කොහොමද
සුව යහනක සතපන්නට ඉඩකඩ කොයින්ද
මුව කමලට වත්සුනු සුව කෝම දෙන්ද
බවනක් වී අතු පැලෙ මගෙ නුඹ රැඳෙයිද
නිල් තරු මල් අහසෙ පිපුන රෑ මැදියමකට
හිල් අතරින් සඳ රැස් පිල් කඩ වැටි යහනට
මල් පුසුඹක් හීන් සැරේ අවුදින් වටකොට
සල් සපුමල් සුවඳ කුමට නුඹ මට නැතිකොට
දාන පබලු මල් ගෙතු වැල් ගෙල වටකොට
පේන දුරින් හිත කකියයි නුඹ අසලින් යනවිට
හීන හතක පෙනුනා මට හැර යන බව ගම රට
පාන හිනාවක් පමනද ඉතිරි කලේ නුඹ මා හට
ගජයා

නුඹ ගැන මගේ හිත ගෙතු සිත්තමකට
නුබ ගැබ පුරා එලුවා වැනි දේ දුන්නකට
පොබ කල මහද නුඹ හෙලු මුව පිපි මදහසට
පබවත සදිසි නුඹ ගැලපෙනු නැති මේ කුසට
හිත ගත දෙකක් වුව නොම ඇති මට හීල
අත දිග මදිද නෙලුමට නුඹෙ පෙම් කොමල
නැත නිදි නෙතක් උසුලා මගේ නෙතු කඳුල
ගත මෙහෙ උනත් හිත හැමවිට නුඹ අසල
අසා නුඹගෙ හඬ නුඹෙ හද හැඳිනී
පසා කෙරුනි ලය විනිවිද ගොසිනී
තොසා වැඩිනි රුව දුටු මුත් ඒ දුරිනී
අසා එවන්නේ කෙලෙසක අන්සතු බැවිනී
ගජයා

නිල් පාට අහස් තල කලුවකට හැඩ වෙලා
මල් වියන සේ පිපුන තරු කැටද සැඟවිලා
කල් බලා උන්නු සිත තාම තනිකඩ වෙලා
පිල් කඩට වට සුලඟ නෙතු කඳුල බොඳ කලා
ඔබ යනෙන මග දිගේ කොතෙක් මා පැමිනියද
නුඹ එක්ක පෙර ගෙවුන සබඳ කම් කොයි වෙද්ද
නුබ ගැබේ තරු කැකුලු කොයි තරම් පායද්ද
නුඹ මටම හිමි අහිමි පහන් තරුවම නොවෙද
දම් පාට සඳ නැගෙන රෑ ගෙවෙන වෙලාවක
යම් දාක දකිනු හැක අහස් කුසැ නෙතු දුරක
යම් තමට නිවි දිලෙන තරු පොකුරු වට කොට
පෙම් රිදුම් ලැබ නෙතින් මගෙන් වටකඳුලු කැට
ගජයා