Saturday, January 16, 2016

ඉන්නට හිටින්නට නොම ඇති පාදඩ අයට
කන්නට පිනට නොසොල්වා අත පය ද කට
කරනට මුලා පොඩි ජන අන්දා ගොන් කමට
රටකට වින කටින මුත් ජය පසැසුම් ගී උන්ට
පහදා මුසා බස් රස කර බොරුවට මී පැණි තවරා
වෙනදා මෙන්ම එක පාටට වෙන වෙන දොස් පවරා
කවදා වත් නොදුන් දේවල් දෙන බව කීමුත් මෙවරා
හැමදා මෙන්ම මෙවරද පොඩි ජනයා කරඇත සේ ගවරා
සහ මුලකින්ම උදුරා බිය සැක හොරකම වැනිදේ
මහ ඇදුරන් පොඩි නායක ගන සැම කී නොම කීදේ
දහ ජඩ දුරාවේ යන හැත්තට අපි නොම දුන්නට චන්දේ
පහ කර ලන්නේ දැන් උඹලම ගිලදැමු තනකොල මැතිඳේ
ගජයා


යන්න හදන සිත රඳවා ගන්නටයලි වෙහෙසෙන්න එපා
ඉන්න හිතක් නැති ඔබෙ සිත ඔබ රවටා ගන්න එපා
දුන්න පෙමට කල ගනු දෙනු ගැන පසු තැවෙනු එපා
සින්න නොවුනු නුඹ ඇයිඅද මගෙ නම දින්නෙ දෙපා
කොයිතරම් හිත හදා ගත්තද නෙතට කඳුලක් උනයි
ඇතිතරම් දැන් සුසුම් ලෑවත් සිදුව දේ මට සිදු වුනයි
මෙරතරම් උස පෙම් කලා මා නුදුන් දේ මගෙ පනයි
මගෙතරම් නැති වෙන උනුසුමට කෙලෙස සිත යා වුනැයි
සඳ නැගේ තරු නැගේ අහස හරියට නුඹ වගෙයි
හද පෙලයි නෙතු රිදේ කඳුලු අතරින් නුඹ පෙනෙ‍යි
අද ගියත් තවම හිත හිතන්නෙ ඒ නුඹ ගැනයි
පද හදා ගන්නෙපා වරද මා මිස නුඹ නොවෙයි
ගජයා

පෙර දවසෙ ගිය පාර මතකයක ඇත මගෙ හිරවෙලා
ඉර හැරෙන වෙලාවට මේ පාටමයි එක යායක් වෙලා
කර පොවා බලද්දි අතීතය දැන් ඇත නටඹුන් වෙලා
සර දමක් දෝ කොහෙද සොබා දම මාව වියපත් කලා

අවු රුදු විසි නවයකට වැඩි පෙර දින ඒ කාලේ
කවු රුද එබී හදවත පුරා සිත පිරිමැදි ලීලේ
සිවු රුමකට ගෙන හැම විට නුඹ ගැයු ඒ තාලේ
දෙවු රක සිටිමුත් නුඹ නොමැතිව තනිවම මෙමං තලේ
සය වසරක් ගෙවී ගොස් නොවැ නුඹ දෙව්ලොවට වෙලා
පය පැකිලෙන විටෙක නුඹ අත හැම දා වුනි සවිය වෙලා
ගිය දා පටන් ලී සැරයටියට මගෙ මතකය දී වාරු වෙලා
පය තැබු තැන් කොහි ඇතිද සෙව්වත් කල් ඉකුත් වෙලා
ගජයා