Monday, January 4, 2016

බලා සිටියදී කලුවට තිබු අහස දෙස
වලා යටින් දුටුවෙමි තරු කිනිති දෙස
හෙලා විලට වට ඉන් තරුවක් දිලුනු යස
නෙලා ගන්නෙ කෙලෙසක විලට බැස

ජීවන ගමනේ ගෙව් දින සති මාස ගනන්
පීදෙන කැකුලු තරු මල් සිය දහස් ගනන්
පෑදෙන විලට වට මේ තරු මලම අරන්
පාවෙන දෙහද ඉවසා සිටී දෝ දුකම දරන්
විලකට වැටී අහසක සිටි තරුවක් රැයක
කලකට පෙරදි ලද සුවයක් වන් නුබකුසැක
කෙලෙසට විඳිනු හැකි දෝ මේ සීතල විලක
තරුවට උරුම මෙය නම් වෙයි ඒ පෙර පවක
අහසට සඳට තරුවට අයිතිය වෙති කවුරු
විලකට වට දිය සීතල ගති ඇති එය නුහුරු
තරුවට අහස මෙන් සඳ වුවද අයිති කරු
කෙලසට කියනු මා තරුවට පෙම් කල අයුරු
ගජයා