Friday, December 2, 2016



දෙඩූ වචනෙට කරපු ඔච්චම්
මතක අතරෙක තියා
හැඬූ වාරෙට කඳුලු යන්තම්
නෙතක ගලලා ගියා
කතා අහුරක තිබුනු කවියක
නොගැල පුන පදයක් සොයා
හිතා වත් නැති හුදකලාවක
නො එන ලෙස මග හැරි ගියා
උර තුර අරා දිලි කඳුලු මිණිකැට
සොයමි අතගා හෙමිහිට හිතෙන්
පුර සඳව දිලි නුඹ හදේ උන්නට
අද බැස ගිහින් හිතටත් හොරෙන්
ගජයා
කල කතා කී දේ ද
මතක අමතක නොවේ
පිල උඩක හිත තබා
ගියත් නුඹ යලි නොයේ
දින ගෙවුන බව කියා
දින පොතක් අවසන් වුනේ
ගෙන සිනා ඔය මුවේ
යළිත් නොම එනු දැනේ
සය මසක් ගෙවෙන මේ
අතීතය නොව පසු වුනේ
ගිය වගයි නුඹ මා දමා
නෙතට මට කඳුලක් ගෙනේ
සසර වසනා තුරුම සසරේ
ඔබව යලි යලි ලබන්නයි
මිතුර ඔබ හට නිවන් පුරයේ
සදෙව් සග සුව ලැබෙන්නයි

ගජයා
Like
Comment


ලංකාවේ දේශපාළනය කියන මුට්ටිය තියාගන්න ලිපක් තනන මහ ජනතාවට ගල් දෙකක් අහුවුනා එකක් යූ ඇන් පිය අනෙක ශ්‍රී ලනිපය ඊලඟ ගල හෙව්වා මිනිස්සු සෑහෙන කාලයක්.ඒත ඒ ගල වමට බරයි ලිපට තියනවා ගන්නවා.....කොහොම උනත් ඒක තවමත් විස්වාසෙකින් තියෙන ගලක් නොවෙන නිසා ලංකාවෙ දේශපාලන මුට්ටිය හැමදාම අඩමානෙ
මෙන්න මේ අඩමානෙට තිබ්බ මුට්ටිය සමපාත කරලා සියලුම දෙනාටම කිරි බතක් කන්න ඉඩ සැලැස්සුවේ මහින්දය කියන ජන හදවත් හොරකම් කල පට්ට පල් හොරා බව අද හැමෝටම අමතකවෙලා.ඒ අපේ රටේ හැටි........කිරිබත කාපු අයම දැන් ඒකෙ කිරි වැඩියි ලු ලුනු මදිලු උන් වැඩියෙන් කෑවලු සමහරු හොරා කෑවලු අතෝරක් නැති කථා............දැන් ඒ ගිය දේ ගියාවේ ඒත් දැන් දැන් ආයෙමත් අර කිරි බත හදපු මහින්ද ගැන මිනිස්සුන්ට තේරිලා මොකද අද ඉන්න වුන් ලිපත් පෙරලලා මුට්ටියත් බිඳලා ලිපත් නිවා ගන්න හදන නිසා
කොහොම උනත් අද වගේ දවසක මහින්දව සමරන්න මුහුනු පොතට එකතුවෙන උන් හා ගම් දනව් වල මිනිසුන් එක්කම මාත් ඔහුට සුබ උපන් දිනයක් පතනවා...........කිරිබත් කනවට වඩා ජීවිතය ට නිදහසේ හුස්ම ගන්න ඉඩ තියපු කෙලෙහි ගුනයට..........මට ඇති දේශපාළනයක් නෑ
හැබැයි මගෙ අපේ දරුවන්ට රටක් නම් ඕනැය කියලා දැන් හිතෙනවා.අන්න එදාට මාත් දේශ්පාළන වශයෙන් හිතන්න ඕනෑ වගත් කියන්න වෙනවා
සුබ උපන් දිනයක් වේවා මහින්ද රාජපක්ෂ ජනපති තුමණි
ගජයා


නිදි කුම්බා මලට
ගසා ආ සුලඟකට විසිරිලා ගිය පෙති රේණු
වසා ගමි නෙතු පියන් පලා ගිය ඒ වග දැනුනු
නිසා ඔබ මගෙ හද වතේ මැද හරියෙ පහළ වුනු
අසා පන් එක වරක් ආදරේ ඒ කල් ගැනුනු
හිරු වගේ දිලිසුනේ නැති නමුදු හිත් අහසෙ
කරු වලේ මැද පිපුනි කණ මැදිරි එලි රහසෙ
තරු එලිය පරදලා හද එලිය කල දෙඇසෙ
කිරි ගරුඬ හදවතක් එය හඬක් නම් නොඇසෙ
නෙලා ගනු හැකි නොහේ ඒ නිදි කුම්බ මල් කැකුල
පලා යන ගති නුඹේ උරුම ලද ගතියද චපල
වෙලා ගනු ඇතත් නොහැකි පුබුදන්නට හද නොමල
මලා නික හද තරු එලිය බලා සිටියා අසල
කිසි ලෙසක නොදුටු ලෙස ඒ ලස්සනට නුඹ පිපුනාට
දිසි විලස නෙලන්නට බැරි වුනා එය මට කිසිදුවිට
විසිරිලා යන සුලඟෙ රිසි ලෙසම පාවී යනකලට
ඇසි ල්ලක නැවතුනා එක රේනුවක් මේ දෙනෙත් යට
ගජයා


මට මතක් වෙන්නේ වාද්දුව ශාන්ත මරිය දෙව් මැදුරේ 1980 දශකයෙ උන්නු මැතිව් පියතුමා මම බොදුනුවෙක් උනත් අපෙ වාද්දුව මැදි විදුහලේ උගෙන ගත්තු කතෝලික මිතුරන් එක්ක මාත් පල්ලියට යනවා
අපිට වෙනසක් තිබුනේ නෑ පන්සල්යි පල්ලියයි අතරේ හඳුන්කූරු සුවඳට හිත පුරුදු කරපු අපිට ඉටිපහන් වල එලියට නෙත හුරු කලා.ජයමංගල ගාථා ව්ල රිද්මයට තිබුනු අපේ හදවත ගීතිකා වල සවරයටත් අපූරුවට හැඩ වුනා.ඒක කලේ අපි ආසාවෙන් අපෙ කඨින පිංකමට ශෙරාන් ලා ජූඩ් ල ආවා වගෙම මාත් සරත් නිෂාන්තත් පල්ලියේ ම්ංගල්ලෙට ආසාවෙන් සහභාගී උනා
මේ අතීතය වගෙම මර්සලීන් ජයකොඩි පියතුමා කල කථා කල ගී මල් වැල් අපිට මහත් ප්‍රබෝදයක් ගෙන දුන්නා මේ ටික මතක් කලේ චාල්ස් පියතුමාගේ මේ කථා ටික නෙත ගැටුන නිසා
අපිව බෙදන්න පුලුවන් හැම දශමයකටම බෙදන්න එදා සුද්දා වැඩ කෙරුවා. බෙදුව බෙදිල්ලේ තරම තවම බැරි උනා අපිට නොබෙදී ඉන්න.එකතු වෙන්න. අපි සිංහල ජාතිය මීට පරම්පරා ගානකට ඉස්සර අපි බොදුනුවෝ ඊට පස්සේයි අපි කිතුනුවෝ වුනේ මෙහෙම කීවේ මර්සලීන් පිය තුමා ඒක සහතික ඇත්ත
අපි එංගලන්තෙ සභාවෙ වත් බැප්ටිස් සභාවෙ වත් නෙවි.අපි සිංහල සභාවෙ. එම ඔක්කොමට තියෙන්නේ මේ එක රටයි. ඒකටයි අපි එකතුවෙන්න ඕනෑ. චාල්ස් වගේ මැතිව් වගේ මර්සලින් වගේ පිය තුමාල තව තවත් මේ කථා කථා කරන්න ඕනැ. ඒ රට මත පිහිටලා මිස කුරුසිය මත පිහිටලා නොවෙයි.
මා ලඟ තවම්ත් බයිබලය හා අලුත් ගිවිසුම පොත් අතරෙ තියෙනවා.මම ඒකෙ දෙවියන්වහන්සේවට වඩා පිලිගන්නේ මරියා සහ ජුසේ කියන වඩුවව. ඔවුනට සහතික ලෙස දාව උපන් ජේසු තමා මේ මනුසත් කම යුදෙව්වන්න්ට කියා දුන්නේ මරියත් ජුසේත් මහත් කැප කිරීමක් කලා ජෙසුස්ව බේර ගන්න.ඒක තම්යි නියම මව් කම පිය කම ඔවුන් දෙපල තමා කිතුනුවන්ගේ දෙවියන්.ඒ නිසයි ජෙසුස් නමින් හොඳ තරුණයෙකව මෙලොවට ලබා දුන්නේ ශාන්ත මරියා පල්ලියටත් මම කැමති ඒ උතුම් මව් ගුනය තියෙන නිසා.මා ගැන කිසිවෙක් උරන නොවෙන්න දෙවියන් ගැන මෙහෙම කීවාට.ඒ වගේමයි ජෙසුට ආදරය කල මරිය මග්දලේනා
ඇය බොහෝ දේ ජෙසුස් වෙනුවෙන කලා ඒක අප්‍රකටව කල දෙයක් මා විශ්වාස කරන්නේ ජෙසුස් ගේ සැබෑ ආදර දිනූ ඇයයි මග්දලේනා
මේ ඔක්කොම කතා කියන්න උනේ චල්ස් පියතුමා ගේ කඳුල වැඩ සටහන නිසා යහපත් වැඩක වෙනුවෙනුයි මේ අකුරු කීපය සාර්ථක වේවා සියලු මිනිසුන්ගේ යහපත් දැක්ම උදෙසා...
මේ මොහොතේ එවරර්ඩ් ජයමාන්නයන් වත මම සිහිපත් කරන්නේ බැතියෙන් ඒ මට කිතු දහමෙ නොතේරෙන ගැටලුවක් උන වෙලාවටයි මගේ කවි කමටයි ඊට කරන සැරසිල්ලටයි එතුමා මට නිබඳවම උදව් දෙනවා.
..මම ගජයා


ඉර රැස් මකා දිවි ගෙවනා මෙහි මිනිසුන්ට
කර මත හෙවුනු බර නොහැකිය තව උහුලන්ට
තිර ලෙස හෙට නැගෙන ඒ මතු දින හිනැහෙන්ට
වෙර නම් සොඳුරු අසපුව එයි අත් වැල වෙන්ට
ගජයා
පෙර මතකයක හිත සිර කල බව නිසැක
දුර යන දිවි ගමන බැඳි අතැඟිලි දෙකක
මුර කර රැකි නොහැකි වේ දෙහදක පෙමක
සැර සුව කඳුල පවසනු ඇත දුක නෙතක
ගජයා


මගේ මතකය අතීතයට දිව යන්නේ 1991 තරමට හෝමාගම ගලවිල වත්තෙ දිවයින පත්තරේ ගහපු තැනට.මම එතැනට ගොඩ වෙන්නේ රාජකාරි මට්ටමින්. ඒත් සුනිල් අයියා කසුරි අයියා එකල ඒ පුවත් පතේ
පෙර මග ගමන් ගිය අය,සත්‍යවාදියෙකුගේ දින පොත වට රවුම කලේ මේ දෙපල.රෑට තම්යි අපේ රාජකාරිය පටන් ගන්නේ ඒකේ තව අතුරු කතා අතරේ මේ දෙන්නම මගේ මිතුරන් වුනා ඔවුන් මට වඩා වැඩි මහල් මම ඔවුනට මල්ලි උනා වාද්දුවේ මල්ලි උනා
මටත් පත්තරේ පුන්චි ඉඩක් වෙන කරලා දුන්න වට රවුමට මොනවා හරි ලියපන් කියලා ඒ කසුරි අයියා...ඊට පස්සේ පොඩි නිසඳැසකටත් කවියකටත් ඉඩක් දුන්න.වෙනස් මාතෘකාවක් ලියන්න ඕනැය කියල මග පෙන්නුවේ සුනිල් අයියා
පස්සේ මට ආයෙ සුනිල් අයියව මුණ ගැහෙන්නේ තලංගමදි.ඒ ඔහු ඒ පැත්තේ උන්නේ කාලය ගෙවිලා ගියා මාත් එක එක දේවල හොරෙන් හොරෙන් ලිව්ව. ගජයා කියලා නම් ඇති කලේ සුනිල් අයියා. ආයෙමත් අපි වෙන් වෙලා.වයසටත් ගිහින්. එක මතකයක් විතරක් ඉතිරි වෙලා. ඒ හොඳ මිනිස්සු ටිකක සෙවන ආදර්ශෙ ඉගෙනුම ලබන්න හැකි වීම.අදටත් මගේ කවි කම් වලට නියර බැන්දේ වතුර දැම්මේ පොහොර යෙදුවේ මේ අය.මුහුන දැක්කම කොහොමේයි අහක බලන් යන්නේ.........මේ අකුරු කීපය දයාබර සුනිලුන් වෙනුවෙනි.....ඒත් නුඹ දැකපු ලෝකය තවම ඇවිත් නැති වග කියන්නේ කනගාටුවෙන්........සුබ දවසක් වේවා චිරං ජයතු
පැතු වග දනිමි නිවහල් සම දිවියක ඉන්ට
රතු මල් පිපෙයි කීවා දවසක දැක ගන්ට
ගතුවක් නොවේ කොන්දක් නැති මේ මහ උන්ට
සිතු ලෙස නොවිය යුතු දේ වී ඇත මේ රටට
ගජයා
පැතු වග දනිමි නිවහල් සම දිවියක ඉන්ට
රතු මල් පිපෙයි කීවා දවසක දැක ගන්ට
ගතුවක් නොවේ කොන්දක් නැති මේ මහ උන්ට
සිතු ලෙස නොවිය යුතු දේ වී ඇත මේ රටට
ගජයා
සදා කල් මේ රහස රකිනු නම් බැරි වෙතේ
හදා ගත් තනි හිතට පෙම් කලා හිතු මතේ
එදා වගෙ නොවෙන සුබ හෙටක් ගැන එයි හිතේ
බදා සිප ගැනුම පමණි කාලය ගෙවි යතේ
එදා සිටවූ පැලය පෙති දෙපෙති ලෙස විදා
හදා ගමු කීව මුත් ඉන්ට ගෙපැලක් සදා
බෙදා තිබූ හද එකක් කොට ඉන්නට රඳා
සදා සතුටයි පැතුවෙ උරුම කඳුලයි මෙදා
රන් වන් පාට මල් කෙමි ගස පූදන කලට
තුන් යම රෑ නිදි නැතුව වද දෙනවා හිතට
සන්සිඳුවනු පිණිස හදවතෙ සෝ බොහො දුරට
අන්තිම වචනෙ කියපන් මට නොමැරී ඉන්ට
ගජයා
හද හසරැලි ඇතිව එදවස අපි කල ගෙව්ව
සුද නැති එක කමිසෙ කහ වුව එහි රැලි නැතුව
අද ගැන නොවෙන දිවියේ හෙට සිහිනය මැව්ව
ලද පාඩම උගත මතු ජීවිත යක් සෙව්ව
වැලි කැට ගැටෙන පායුග නොම සැරසුම් ඇතුව
ගුලි කොට යමක් කෑ වේලක් හරිහැටි නැතුව
පිළි වෙලකට තිබු නමුත් හදවතෙ දුක සතුව
යළි නුඹ සිහි කලා එ දවස ජීවිතෙ පැතුව
පුදුමය එය නොවෙයි තවමත් මේ ජීවිතය අපේ
හැදුවෙම අපෙ සිතයි පාඩම වුනේ දිවියේ ඔපේ
කඳුවල නගින විට නොවමයි ඒ පල්ලමය සැපේ
විදු මව කියා දුන් ගුරුබස දෙකනේ තවම හැපේ
පෙල මුල ඉඳන් පංතියෙ හසරැලි මැව්ව
කලබල නැති ළමුන් ලෙස එහි කල සෙව්ව
හෙලබස රැසට සෙවනක් කර දිවි ගෙව්ව
සැළකුව මැනවි නුඹ නෙත කඳුලක් එව්ව
ගජයා
ශාන්ත ප්‍රසාද් මැහැරඹ සිහිපත කල පාසැල් කාලය
වෙනුවෙන් ලියැවින


වැරදුනත් ආගමන නුඹ මගේ නොවුනාට
සිදුවුනත් බැස යන්න සඳ ඇවිත් පුර පසට
කඳුලකුත් අරන් මම පිට උනත් ගම රටට
කලුවරත් නොව උරුම ඔබ අයිති ඒ හඳට
ගජයා


ප්‍රේමයට නොකී කව
කතා නොකලාට වචනයක් වත් අද
පතා උන්නේ නුඹවමයි මගේ හද
හිතා නොව ගලා එන්නේ කඳුලු බිඳ
කතා කෙරුවත් ඇහෙනවද මගේ හද
වස න්තය ආවත් ඒ ගැන මම හිතුවෙ නැති
දස අතේ ඉරි තැලුනු හද මල පිපෙන්නේ නැතී
නස න්නට පෙම් ගසේ මල කඳුලු පොදකට හැකී
වස න්නට නුඹ එක්ක මම පෙරුව පින් මදි ඇතී
හිරු සඳු සේම තරු මල් පිනි ගැන කියූ කවී
සරු බිම කෙතක බොල් කරලක වීය නැතී
හුරු පද අතරෙ නුහුරුව ගැයු නුඹේ විරහ කවී
පිරු පෙම් දම වියැකුන පසු කුමකට සුපෙම් කවී
ගජයා


පෙනි පෙනිම පුර සඳ බැස ගියත් අවරට
තනි කමක් දැනුනිද නුඹේ ඒ හිතකට
දැනි දැනිත් නො එනා වග යලි හදවතට
පණි වුඩය ද මේ දෙන නෙතේ කඳුලුකැට
කාට පළඳවමි ද කසුන් අතැඟිලි අරා
හෙට ගැන නොසිතනා පාරමී නොම පුරා
අට වක ද මේ කලුව හද නුබ කුස අරා
මට කුමට රන් මුදු නොවිද හී මල් සරා
පින් කල වගක් නොදැනේ හෙට ඒ ගැන හිතන
සන් සුන් නොවෙන හිත ඔබ මොබ හා සැරි සරන
යන්තම් දිවි ගෙවන නොසිතා සිදුවන කරුන
රන් මුදු කුමට තව වෙදැගිල්ලක් හමු නොවුන
පුන් සඳ දීලෙන විට පුර පස නැගෙන පැයේ
සන් සිඳු වමින් හැම හිතකම සතුට නොයේ
කන් කෙදිරියක් ලෙස හදවත අඳුරු රැයේ
රන් මුදු කීපයක් හඬමින් අසල තියේ
ගජයා
ඔබ කලා මගේ හද තුල ගෙත්තම්
පොබ වෙලා මසිත කල පෙම අන්දම්
නුබ ගැබම කලා වැනි රෑ සිත්තම්
නුඹ තමයි අහස මම තරු වෙන්නම්
හද වලාකුලක සතපා රහසේ
මද හාස කැටිව පිවිතුරු මනසේ
පුද දුන්නු සෙනේ මා සොඳසේ
අද එවමි ඔබට කාටත් රහසේ
හිරැ සඳට එලිය කර වන විලසින්
සරු කෙතට වැටෙන දිය සේ අහසින්
පිරු කලා සොලස වූ සඳ විලසින්
හිරැ මෙන්ම ඔබය පෑ සඳ එකවන්
ගජයා





පැරදුන බව දැනෙයි ගත නැති විට එඩිය
වැරදුණු විටදි ඇල්වතුර ත් සැර වැඩිය
සැරවුනු ඔසුවලට නතුකොට ගත් පඩිය
බැරවුනු දිනයෙ රෝහල වෙත හද හැඬිය
ගජයා
ජේසුනී...............
සම සිදුරු කරන සීතල අරගෙන උඳු වප් මහේ
හිම එක්ක ඒ රතුපාට නත්තල ඇවිදින් මෙහේ
සම නොමව තිබෙන අපිට කොල කාසි රුපියල පහේ
හැම දේම දෙනු කෝම පොඩි උන්ට දුකයි අපෙ රැහේ

නෙක නේක විසිතුරුය දිලෙන එක එක රටාවක
එක දෙයක ගැටෙන හිත දුකය ජීවිත කලාවක
රැක ගනුය කෙලෙසකට අසරණය අපි වෙලාවක
දුක සෝක කම් කටොලු අසම ඇයි ලොව තුලාවක

එක් තරා දවසකදි මැදියමේ පැමිණි මේ ලෝකයට
දුක් සරා හැර යනෙන අන් මගක් කියා සව් සත වෙතට
වක් කරා ප්‍රේමයෙ සිසිල් දිය බිඳ වේලුනු මුව අගට
සුන් කරා හැම දේම මුදල පව අපේ දුප්පත් කමට

එබෙන්නට සැනසුමක වසරෙ අන්තිම දවසකට
හිතන්නට එක වරක ගෙවෙන දුක යලි නැති වෙන්ට
ලබන්නට පින මදෙක කෙරූ පව් ඒ මියැදෙන්ට
වඩින්නට බැරි වරෙක යළිත් මේ ලොව මුදන්නට

ගජයා