Friday, December 2, 2016



නිදි කුම්බා මලට
ගසා ආ සුලඟකට විසිරිලා ගිය පෙති රේණු
වසා ගමි නෙතු පියන් පලා ගිය ඒ වග දැනුනු
නිසා ඔබ මගෙ හද වතේ මැද හරියෙ පහළ වුනු
අසා පන් එක වරක් ආදරේ ඒ කල් ගැනුනු
හිරු වගේ දිලිසුනේ නැති නමුදු හිත් අහසෙ
කරු වලේ මැද පිපුනි කණ මැදිරි එලි රහසෙ
තරු එලිය පරදලා හද එලිය කල දෙඇසෙ
කිරි ගරුඬ හදවතක් එය හඬක් නම් නොඇසෙ
නෙලා ගනු හැකි නොහේ ඒ නිදි කුම්බ මල් කැකුල
පලා යන ගති නුඹේ උරුම ලද ගතියද චපල
වෙලා ගනු ඇතත් නොහැකි පුබුදන්නට හද නොමල
මලා නික හද තරු එලිය බලා සිටියා අසල
කිසි ලෙසක නොදුටු ලෙස ඒ ලස්සනට නුඹ පිපුනාට
දිසි විලස නෙලන්නට බැරි වුනා එය මට කිසිදුවිට
විසිරිලා යන සුලඟෙ රිසි ලෙසම පාවී යනකලට
ඇසි ල්ලක නැවතුනා එක රේනුවක් මේ දෙනෙත් යට
ගජයා

No comments:

Post a Comment