Friday, December 2, 2016



මගේ මතකය අතීතයට දිව යන්නේ 1991 තරමට හෝමාගම ගලවිල වත්තෙ දිවයින පත්තරේ ගහපු තැනට.මම එතැනට ගොඩ වෙන්නේ රාජකාරි මට්ටමින්. ඒත් සුනිල් අයියා කසුරි අයියා එකල ඒ පුවත් පතේ
පෙර මග ගමන් ගිය අය,සත්‍යවාදියෙකුගේ දින පොත වට රවුම කලේ මේ දෙපල.රෑට තම්යි අපේ රාජකාරිය පටන් ගන්නේ ඒකේ තව අතුරු කතා අතරේ මේ දෙන්නම මගේ මිතුරන් වුනා ඔවුන් මට වඩා වැඩි මහල් මම ඔවුනට මල්ලි උනා වාද්දුවේ මල්ලි උනා
මටත් පත්තරේ පුන්චි ඉඩක් වෙන කරලා දුන්න වට රවුමට මොනවා හරි ලියපන් කියලා ඒ කසුරි අයියා...ඊට පස්සේ පොඩි නිසඳැසකටත් කවියකටත් ඉඩක් දුන්න.වෙනස් මාතෘකාවක් ලියන්න ඕනැය කියල මග පෙන්නුවේ සුනිල් අයියා
පස්සේ මට ආයෙ සුනිල් අයියව මුණ ගැහෙන්නේ තලංගමදි.ඒ ඔහු ඒ පැත්තේ උන්නේ කාලය ගෙවිලා ගියා මාත් එක එක දේවල හොරෙන් හොරෙන් ලිව්ව. ගජයා කියලා නම් ඇති කලේ සුනිල් අයියා. ආයෙමත් අපි වෙන් වෙලා.වයසටත් ගිහින්. එක මතකයක් විතරක් ඉතිරි වෙලා. ඒ හොඳ මිනිස්සු ටිකක සෙවන ආදර්ශෙ ඉගෙනුම ලබන්න හැකි වීම.අදටත් මගේ කවි කම් වලට නියර බැන්දේ වතුර දැම්මේ පොහොර යෙදුවේ මේ අය.මුහුන දැක්කම කොහොමේයි අහක බලන් යන්නේ.........මේ අකුරු කීපය දයාබර සුනිලුන් වෙනුවෙනි.....ඒත් නුඹ දැකපු ලෝකය තවම ඇවිත් නැති වග කියන්නේ කනගාටුවෙන්........සුබ දවසක් වේවා චිරං ජයතු
පැතු වග දනිමි නිවහල් සම දිවියක ඉන්ට
රතු මල් පිපෙයි කීවා දවසක දැක ගන්ට
ගතුවක් නොවේ කොන්දක් නැති මේ මහ උන්ට
සිතු ලෙස නොවිය යුතු දේ වී ඇත මේ රටට
ගජයා

No comments:

Post a Comment