ගජයාගේ කවි කොළම
හිතට දැනෙන හැම දේම, කියා ගන්නට බැරි උනත් - කවිකාර කම නොවේ මේ, ලියැවෙන්නේ මගේ හිතයි
Saturday, December 3, 2016
එක ගෙයි එක කාමරේ නිදියා එක යහන
එක බඩ වැල කඩා විත් එක කිරි බී හැදුන
එක මව් කුසෙක ඉපදුන මුදු ඒපෙර පිනෙන
එක හිත් නොලදෙ ඇයි?කලකම් දෝ පෙර පවින
එක බිම කොටා තැනු මේ පොඩි ගෙපැල යට
එක දෙක උනා මල් පීදී පොකුරු වට
එක හිත රැඳුනු මේ මහ ගෙයි වහලෙ සිට
එක යායේ දුටිමි වෙන්වී බැඳුනු වැට
එක යහනේ නිදි ගත් වග මතකයෙ නැතිද
එක හීනේ උන් අපි අද වෙනතක යද්ද
එක කුස ඔත්ව ගත හිතේ වෙනසක් මොකද
එක බිම මියෙනූ මිස මොන වැට කොටු බැමිද ?
ගජයා
එක බඩ වැල කඩා විත් එක කිරි බී හැදුන
එක මව් කුසෙක ඉපදුන මුදු ඒපෙර පිනෙන
එක හිත් නොලදෙ ඇයි?කලකම් දෝ පෙර පවින
එක බිම කොටා තැනු මේ පොඩි ගෙපැල යට
එක දෙක උනා මල් පීදී පොකුරු වට
එක හිත රැඳුනු මේ මහ ගෙයි වහලෙ සිට
එක යායේ දුටිමි වෙන්වී බැඳුනු වැට
එක යහනේ නිදි ගත් වග මතකයෙ නැතිද
එක හීනේ උන් අපි අද වෙනතක යද්ද
එක කුස ඔත්ව ගත හිතේ වෙනසක් මොකද
එක බිම මියෙනූ මිස මොන වැට කොටු බැමිද ?
ගජයා
යාව උන්නට එකට එක හිත නැතුව
පාව ආ සුලඟ සීතල ගති ඇතුව රාව දුන් කවේ හඬ හිත තනි මැකුව පෑව පෙම් මල එසැන ගියෙදෝ පරව ගෙනා හීන නැත රෑ නින්දක් නැතිව හිනා සෙනු මා කෙලෙස හදවත තනිව මනා පයක හිත නොසතුට අද ඇතිව අනාගත හීනේ බොඳය මා පැතුව අසනුය හංස ගීතය සවනට දුකක් වෙතී රසවත පහස ලද උනුසුම මතකයෙක ඇතී වසනුයේ කෙලෙසා දෙතැනක ඒ හිත් බිඳෙතී රසඳුන නුඹය මුදු මේ ඇස් අද පලක් නැතී ගජයා |
සතුරු වෙනස
පිස එන සුලඟෙ මුසුවී එනවා නම් රැයට හස රැලි නැගෙනු ඇත පිපි පුන් සඳ වන් මුවට ලස වින් තැවෙන දෙරටක හිත් දෙක ඇති අයට රස වත් පිලිතුරක් දෙනු ඇත දෙන්නගෙ හිතට පුර එක බිම් කඩක අයිතිය කුමකට බෙදලා බර අවි දරා ඇයි මේ එක මිනිසුන් මරලා සුර විමනක් ලෙස දිලුනු රට දෙකකට කඩලා විර සකයක් කුමට උඹ සිංහල මම දෙමළා පිල් කඩ උඩින් පෙනෙනා පුර හඳ රෑ අහසේ තල් අරඹට උඩින් නෙතු අග දිලිසෙයි එකසේ හිල් වී ගත ගලන රුධිරය එක පැහැ විලසේ කල් ගිය හිත් නරක අමතක කරලමු විගසේ ඉතා දිගු කලෙක අපි එක ලෙස හිටපු හැටී ඔතා දුනි තල් කොලේ හකුරුත් සමග රොටී ගොතා බොරු කතා පරයන් දෙපිලකට වැටී සතා හඳුන ගමු පිළිමල් අපෙ රටට වටී ගජයා |
තරුව
කඩා වැටෙනා තරුවකට අහසක් ඕනෙ දිලිහෙන්ට හැපි හැපී බිම වැළලෙන්ට මහ පොළොවෙ මට ඉඩ දෙන්ට.......... පොළොව අකීකරු පොඩි තරුවකට හිතුනාට ඒ තනි හිතට දෙන්න නම් බෑ ගිලිහෙන්ට තරු අයිතිය දුර අහසට දුර අහසෙ නුඹ උන්නාට හිතු මතේ පෙම් බැන්දාට දුක සෝක හිත වින්දාට තවම බැහැනේ ගිලිහෙන්ට දිලිසෙනා පුර සඳ එකට එලිය දී නිල් කලු හදට අයිතිය තවම නැතුවාට තවම බෑ දෙනු මියෙන්නට ගජයා |
Subscribe to:
Posts (Atom)