Saturday, December 3, 2016


අහම්බෙන් දැක්ක නුඹ ගැන
හිත කිව්වේ මේ ඉන්නේ
හිතයි හදවතයි දෙකම
හොයපු රතු මල් පොකුර

ඉලුක් හෙවිල්ලපු මානා කැලේ මැද
කටු මැටි ගෙපැල අද්දර
පිපිච්ච රතඹලා මල් පොඩ්ඩ
හැඩකලා මුලු හිතම

දන්හිසටත් පහල ගවුමට යටින්
පෙනුන කිතුලක මල් රෑන
සුදුම සුදු පාට නොවුනට මූන
පැරදුවා පුන් සඳ ඊට

හද්දා පිටිසර ගෙයි පාට
සැනසුවා මගෙ හදවත රෑට
නොතලා ම නුඹෙ හිනා කට
ගෙවුනා හතරක් පෝය

හවසක එන විට හිත අරන්
කිතුල් මල් රෑන ගොස් හොරු අරන්
උලා පියරුත් ඇඳ ඇහි බැමි නේක
කප්පාදු කර තිබින රතඹලා මල් ගහම

ගජයා

No comments:

Post a Comment