Saturday, December 3, 2016


තුන් තිස් පැයේ රැ කලුවර එබෙන සඳ
ඉන් පසු දිලෙන නිල් තරු මල් කැකුලු මැද
මින් දද විදින ලද පෑරූ අපෙ දෙහද
මන් නුඹ කෙලෙස අමතක කර දමන්නද

හැම රෑ වහල ඉහලින් සඳ නගිනා බවත් පෙනී
පෙම ගැන හිතා නුඹෙ හද තැවෙනා ඒ දුකත් දැනී
ඉම පෙනෙනා නොම තැනකට ගිය මගේ හිතක තනී
මම තාමත් නුඹ ගැන බව කන්දේ දෙවියෝ දනී

කැන්දා රෑ අහසෙ නිල් තරු හා සඳ එකට
බන්දා කොඳ කැකුලු හිස නිල් මානෙල් යසට
නින්දා වුනත් මගෙ නෑ සිය හා වරිගයට
හද්දා මගුල් නුඹ එක්කයි හෙට යමු ගමට

ගජයා

No comments:

Post a Comment