Saturday, December 3, 2016



පුරඟන හද සර
දෙන කෝකිල හඬට රඟ දෙන හිත මන මාල
ගෙන හදවත අගට නුඹ දෙන හැඩ මන ලෝල
යන එන ගමන ඉඟ සුඟ ගැන වෙහෙසෙන තාල
මන දොල සපුල අඟනකි පුර නුඹ සුවිසාල
යන එන අයගෙ නෙත් හී සර කොනකින් බැලුවා
සැනසෙන අයුරු මිස උන් වෙන හිතකුත් නැතුවා
පිනවන ගතක නැගි දුක රස යටපත් කෙරුවා
දැනගෙන දිවිය ගෙන යන්නට වරදක යෙදුවා
හස රැලි නගන මුත් අසතුට හදවතක තියේ
රස වෙලි ගතක උනුසුම උන් ඒ ලබන පැයේ
පිසබැලි කඳුලු මත ඇති කාසිය ගෙවූ රැයේ
වසගිලි සෙයක් දැනුනත් වෙන විසඳුමක් නොයේ
සින හව යටින් ඇති කඳුලක් දිලෙන නෙතේ
සැන සුව කෙනෙක් හමුවූ බව හිතක නැතේ
තණපට යටින් හදවත ඇති බවක් ගතේ
මනසින් දැන උගත් මිනිහෙකු කොහේ ඇතේ
ගජයා

No comments:

Post a Comment