Saturday, December 3, 2016


Jayanath Perera's photo.
වෙනස

එක යායට එකට ඉන්න ඉමේ පිපුනු
එක වාගෙම නැතත් මේ බිමේම නැගුනු
එක කුලයක හැඩේ එක පාටක් නොවුනු
එක වන් හදවතේ දෙහිතක් ඇත බෙදුනු

රෑට වැටෙන පිනි වැස්සේ එක හීතට පෙඟුනී
පාට ගලන සඳ පානට වෙන පාටක් නැගුනී
කාට නොකීවත් හද තුල එකම පෙමක් හැඟුනී
ඊට වඩා දුක මම සුදු නුඹ රතු වී බෙදුනී

මගේ හිත වගේ.......වෙනස්
මගේ පෙම වගේ......වෙනස්
නුඹේ හිත වගේ......වෙනස්
නුඹේ පෙම වගේ....වෙනස්

ගජයා

No comments:

Post a Comment