Saturday, December 3, 2016

විටෙක ප්‍රෙමය සිහිල් මද පවනක් සේ හමා ඒ
තවත් වරෙක ශාන්ත සඳ රැස් වන්ය
වරෙක නැවුම් මලෙක සුවඳ සේය
තවත් වරෙක බිඟු සමූහයක නද වන්ය
මේ කිසිවක් පියවි ඇසින් දකිනු නොහේ
නෙතු පියා නිසොල්මන්ව දෙසවන් අයා
සිටිය යුතුය.එවිට එය සිතට ගතට සවනතට
හොඳින් දැනේ.ඒ ප්‍රේමය මනරම්ය ප්‍රමුදිත්ය
උන්මාදනීයය සිත ගත මෝහනය කරනු ඇත
ඒ ප්‍රේමයම............
සැනෙකින් වෙනස් වනු හැකිය වෙනස් වේය
එය චන්ඩ මාරුතයක වී හමනු ඇත
විටෙක ගිනි විහිදාලන හිරු රැස සේ දවා අලු කරනු ඇත
සුවඳවත් නොවෙන කිඩාරම් මලෙක සැර වන්ය
බිඟු පරදන බඹර තුඩු විෂ සහිත වෙත්
ඉදින් එය ප්‍රේමය වෛරයද වන්නේය
ඒ ඉඩ කඩ අතර හිඩැස කෙස් ගසකටත්
වඩා අඩුය.වෙනස් වන කාලය ඇසි පිල්ලමකට
වඩා අඩුය
මෙයට ප්‍රේමය යැයි කියමුද?
එය සොයා ගිය අය හෝ දිනූ අය වේ නම්
ඔවුන් මනුසත් හු නම් නොවෙත් මැයි
ඔවුන් දෙව සත් පුර වලම
සිටියාහුය..........ගජයා

No comments:

Post a Comment