Saturday, December 3, 2016


Jayanath Perera's photo.
කෙසේ නම් උවම් කරමිද
දොතොල් නා දලු කියා
විසේ කාර කම් පිරි
තොඳොල් ලවනත බලා

ඇසේ කට කතා නුඹ
නරකය ගති කියා
වැසේ දෙසවන පුරා
කුමක් කියමි මුව අයා

වැරදුන බව සැබවී
කාලය ආයේ එනු නැතී
පරදුනේ මම නොවේ
නුඹයි ඒ ලාමක ගතී

ගැරහුම පිලියම නොවේ
මා අතත් වරදක් ඇතී
හැරවුමත් පහසුම නැතේ
ගං දිය පහලට යතී

ගජයා

No comments:

Post a Comment