Saturday, December 3, 2016


Jayanath Perera's photo.
හත් මුතු පර පුරම එක් කොට ගෙන කාර බැඳ
හිත් දෙක එකක් කොට අපි එක ගේ යටක ඉඳ
අත් දෙක තබා දෙකොපුලෙ ගිය සිප සිහින් බඳ
මත් වුන වෙලාවෙක විය තුන් වන සීලෙ බිඳ

මෙතුවක් තුන් හිතක නොතිබුනු දේ ඇල් මැරුනු
ගතුවක් නොකී තිබු කරුනක් හිත නොම පිරුනු
වරුවක් බලා හුන් පෙර මග නෙත් මග හැරුනු
බොරුවක් කල වග හැඟුනු මා ගැන කලකිරුනු

වට පිට ගන අඳුර හිත වරදක් කල සැටියේ
මට ඔය දෙනෙත් මග හැරුනා ඒ හිටි හැටියේ
කට රොලු මල් පිපෙන පරවන වග අද දුටියේ
දුට මන් බැඳෙනා නුඹ හිතේ කොතැනද සිටියේ

ගජයා

No comments:

Post a Comment