Saturday, December 3, 2016


යාව උන්නට එකට එක හිත නැතුව
පාව ආ සුලඟ සීතල ගති ඇතුව
රාව දුන් කවේ හඬ හිත තනි මැකුව
පෑව පෙම් මල එසැන ගියෙදෝ පරව

ගෙනා හීන නැත රෑ නින්දක් නැතිව
හිනා සෙනු මා කෙලෙස හදවත තනිව
මනා පයක හිත නොසතුට අද ඇතිව
අනාගත හීනේ බොඳය මා පැතුව

අසනුය හංස ගීතය සවනට දුකක් වෙතී
රසවත පහස ලද උනුසුම මතකයෙක ඇතී
වසනුයේ කෙලෙසා දෙතැනක ඒ හිත් බිඳෙතී
රසඳුන නුඹය මුදු මේ ඇස් අද පලක් නැතී

ගජයා

No comments:

Post a Comment