Saturday, December 3, 2016


සතුරු වෙනස

පිස එන සුලඟෙ මුසුවී එනවා නම් රැයට
හස රැලි නැගෙනු ඇත පිපි පුන් සඳ වන් මුවට
ලස වින් තැවෙන දෙරටක හිත් දෙක ඇති අයට
රස වත් පිලිතුරක් දෙනු ඇත දෙන්නගෙ හිතට

පුර එක බිම් කඩක අයිතිය කුමකට බෙදලා
බර අවි දරා ඇයි මේ එක මිනිසුන් මරලා
සුර විමනක් ලෙස දිලුනු රට දෙකකට කඩලා
විර සකයක් කුමට උඹ සිංහල මම දෙමළා

පිල් කඩ උඩින් පෙනෙනා පුර හඳ රෑ අහසේ
තල් අරඹට උඩින් නෙතු අග දිලිසෙයි එකසේ
හිල් වී ගත ගලන රුධිරය එක පැහැ විලසේ
කල් ගිය හිත් නරක අමතක කරලමු විගසේ

ඉතා දිගු කලෙක අපි එක ලෙස හිටපු හැටී
ඔතා දුනි තල් කොලේ හකුරුත් සමග රොටී
ගොතා බොරු කතා පරයන් දෙපිලකට වැටී
සතා හඳුන ගමු පිළිමල් අපෙ රටට වටී

ගජයා

No comments:

Post a Comment