Saturday, December 3, 2016



වෙනදා වගේම අදත් 
මගේ හිත් ආකහේ පායලා
ඒත් වෙනදා නොදකින එලියක්
තියෙනවා කියලා හැමෝම කියනවා
ඒත් මට එහෙම දෙයක් හිතෙන්නේ නැත්තේ
ගෙන දෙන එලියකට වඩා 
මේ වගේ මේ දවසට එන එකයි
මාසයක් පුරාවට බලා ඉන්නෙත්
ඒ නිසාමයි මිදුලට වෙලා
මම දන්නවා අද වාගේම
හෙට මෙහෙන් යනවග
ඒත් මේ මතකය තවමත් එහෙමමයි
පුරාවට පිරුනට අද විතරක්
එක එක වර ටිකෙන් ටික අඩුවෙනවා
අවපසට හැරෙන කොට එලිය අඩුවෙනව
ඒත් මම හැම දාම පුර පස එනකල්
මාසයක් තිස්සේ මේ මිදූලට වෙලා
උඹ එනකල් බලා ගෙන ඉන්නවා
අදත් ගේ ලඟටම ඇවිත්
හැබැයි අද වෙනදට වැඩිය එලිය වැඩියිලු
අනේ මන්ද මට එකේ වෙනසක් නෑ
එදා දැක්ක සීතල කහ පාටම තමයි
මම කැමතියි තාම ඒ කහ පාටට
ඒ පාට දිගේ කොඳ මල් පූදිනව බලන්න
උඹ ගැන අනෙක් වුන් කතා වුනත් අද විතරක්
මම හිතුවේ උඹ ගැන හැම දාම
එළිය නැති අමාවක දවසටත්
අවපසට හැරෙන හැම දවසටත්
මම තවම මිදුලෙ
උඹ මට ලං වෙන්න බැරි තරමට
දුර ආකහේ

මම ගජයා

No comments:

Post a Comment