Saturday, December 3, 2016

අහස පුරා අකුනු කොටා
හිත එලිය මවන කොට
රහස කියා ගන්නට හිත
තව පසු තැවෙනා විට
දෙඇස පුරා නිල් පාටට
මැණික් උනන කොට
හවස අතේ ගෙට එන්නට
පාර කියන් මට
පාලු නොවෙන පාර තොටේ
එක පෙළට යනෙන වග
දෑලු පැළඳු කර දුටුවට
උන්ගේ දනිමි රඟ
වීලු නොකර සිටින්
මම තවමත් එන මග
යාලු කමට වඩා හිතක්
රඟ දේ හිත ලඟ
ආන් බලන් පහන් කන්ද
කහ පාටට එන හඳ
යාන් තමට නැගෙන හිනා
අදවත් හිත දෙනවද
රෑන් පිටින් යන එන වාහන
කඳු මැද හිඳ
හෝන් ගහන සද්දේ මගෙ
දැන් නුඹට ඇහෙනවද
ගජයා

No comments:

Post a Comment