Saturday, December 3, 2016


Jayanath Perera's photo.
පාලු රෑ මැදියමේ ඒ කලුවරට
නෙත නිදා හිත අවදි වී ඇතිවිට
හෙමින් ඔබ පා තබා යනෙනකොට
ඇහැරුනා කවිසිත ලියූ නුඹෙ නමට

දුක නැති එකම එක පොඩි කවියකට
ඉඩක් නොදුන් වග මේ කඳුලු කැට

ඉකි ගසා තැවෙනු බැරි පිරිමි කමකට
කුමක් ලියමිද නැති නුඹ හැරුනු කොට

පලාගිය මග දීග දුරයි නොපෙනෙන
ගලාගිය කඳුලු මග මටය අද වැරදුන
නොලා ඇත අගුලු විවරය දොර පියන
හලා හල විස නොවේ මගේ හද බඳුන

සිතුම් සෙවනැලි අඳින රූ හද බිත්තියක
පැතුම් පොදි පාව ගොස් වෙසෙයි මහ දුරක
රිදුම් පිරිමදිමින් තැවෙන හදවතේ සෝ දුකක
සියුම් පා හඬ වුවත් ඔබෙ හැඳිනියෙමි කලුවරක

වත්සලා විජයලත්ට පිළිතුරක්

මෙහි සියලු කාව්‍ය රීති නොසලකන ලදි

ගජයා
--------------------

No comments:

Post a Comment