Saturday, December 3, 2016



සොයන මග මග හැරී යනෙන වග මහ දුරක්
නො එන වග දැන යලිත් විඳිමු අපි මහ දුකක්
එසැන සිත තුටු කරන මධු විතක් පුර ළඳක්
නොදැන අපි විඳිනෙමු ද ජීවිතේ පිණි බිඳක්
නෙත විඳින යම් රුවක පවතී ද එක ලෙසක්
සිත පතන මුදු සුවය නොදකිනා නැවතුමක්
අත පය ද තිබෙන කල නොවී අබලන් ගතක්
හිත හිතා තැවෙනු ඇයි බුදු මගම යනු මිසක්
මහ මෙරක දුක් සුසුම උහුලනා මනු සිතක්
කහ සිවුර මත යැපෙන විට එයම සැනසුමක්
රහතුනගෙ ගමන් මග යන්න නම් එක වරක්
සහ මුලින් සිඳිය යුතු පස් කමත් දෘඩ හිතක්
ගජයා

No comments:

Post a Comment