Sunday, January 3, 2016

අසා දුකට පත් මිනිසුනගෙ නැති බැරිකම ගෙන පාන
පසා කරන ලය බොරු බේගල් වපුලා ගෙන ඇද බාන
දෙසා බාන වැදි බන නොයෙකුත් නෙක රූ පාටගෙන
මුසා බසට රැවටුන බව දන්නේ පසුවයි මේ අපේ දන

හිනා කට දමා නෙක විසිතුතුරු ඇඳුමෙන් සැරසීලා
මනා ලෙස මුසා බස ජන මන දෙවනත් කර ලීලා
දෙනා නොදෙන නෙක දෑ පා මුල දොරලඟ තියලා
මනා පයක් ලැබ නොලැබම මැති සබයට උන් පැනලා
රට කරවන නිති රැක වරනය සෙත සැදුමද නියම වුන
හෙට ගැන නොවෙද උන් සිත යෙදු මුදු එය නොම සිතන
කට මැත දෙඩුම මිස ජඩ වැඩ බොරු බස් හැමවිට දොඩන
මට අවසරය දෙනු මැන නීතියෙ කගපත මුන් හැම නසන
ගජයා



හද වත උපන් කවි සිතුවිල්ලකට
පද බැඳින අම රස එන විලසකට
මද හස නැඟෙන කාගෙත් මුවකටට
අද විරසකක් ඇයි එය වුනිද වරදකට

රස මුසු අරුතකට නොම කල වෙලාව්ක්
බස ඔබේ නොම දෙනු නැත මුලාවක්
පස මිතුරු ලෙස දකිනු ඇයි මෙය කලාවක්
පස සිය යුතු නොවෙද ඇය ගැන සැබෑවක්

හිත ගැන ඔබට මට කිව නොහැකිය කතාවක්
මත ගැටුමකට යා නොහැකිය එය දිගු කතාවක්
සිත ඔබ හැඳුනුයෙද පෙර ඇගෙ ඔබ කී වතාවක්
ඇත ඔබ නුහුරු ලෙස සිතනා වරදක බැඳි විලාසයක්

පැහැ සර අරුන දෙන සුව දවසක උදයේම
දැහැ නක සම වැදුන සිත පිබිදුනි තුන්යාම
නැහැ තවම ඔබගෙන් මගෙ සිත මිදිලා තවම
සැහැ සිව සිතන එක පෙර මගේ පව් කාර කම


ගජයා


දිව සලු පිලි රන් අභරන දෙනු කොහොමද
සුව යහනක සතපන්නට ඉඩකඩ කොයින්ද
මුව කමලට වත්සුනු සුව කෝම දෙන්ද
බවනක් වී අතු පැලෙ මගෙ නුඹ රැඳෙයිද

නිල් තරු මල් අහසෙ පිපුන රෑ මැදියමකට
හිල් අතරින් සඳ රැස් පිල් කඩ වැටි යහනට 
මල් පුසුඹක් හීන් සැරේ අවුදින් වටකොට
සල් සපුමල් සුවඳ කුමට නුඹ මට නැතිකොට
දාන පබලු මල් ගෙතු වැල් ගෙල වටකොට
පේන දුරින් හිත කකියයි නුඹ අසලින් යනවිට
හීන හතක පෙනුනා මට හැර යන බව ගම රට
පාන හිනාවක් පමනද ඉතිරි කලේ නුඹ මා හට
ගජයා