සඳ වත නැගී අඩ ලෙස අහසේ අවර කොනේ
හද වත පලා යන මී මල් වල සුවඳ දැනේ
කැඳ වත නුඹෙ දැකුම දැකුමට මා කැමැති තැනේ
හැඳි වත අපුරු නා එන දෙවඟේ රුසිරු ගෙනේ
සැනෙකින් මිදී මාගෙන් ඉවතට යන සැනෙනී
දැහැනින් බිඳනු සිත හද ඉන් අවුලක වෙලුනී
රැහැනින් වෙලා අම පෙම් දිය කලතා දෙවුනී
මොහොතින් මොහොතේ නුඹ මගේ හදවතෙ බැඳුනී
දොල ලඟ ළිඳෙන් දිය නා එන හැඩකාරී
පැල පත වගෙයි නාඹර ගත සුඟ බේරී
නැල වෙන උකුල මුකුලිත පෙම් දමට හැරී
කල යන දවස නිම කෙරුමට දෙන්න දිරී