Friday, January 15, 2016

විසල් කලු ගලක් මෙනි ඇගෙ සිත මහරු
කමල් විල පිපි මෙනි පිරි මුව හස තඹුරු
නිමල් ලෙස කියු ඇගෙ තතු විමසනු කවුරු
පලල් දෙතොල් ඇගෙ මුවගට දෙයි රුසිරු

සවි කර ජීවිතය ගෙන යන්නට නිති සමබරව
අවි යක් කර නොගෙන සිටියද තනිකඩ හුරුව
කවි යක රැඳුන සිත ගෙන ආ මග මිට මොලව
දිවි යක සුවය සෙනෙහස නොලැබුනි ඈ පැතුව
කල් යත් යත්ම මී පැණි වුව මිහිරි නොවේ
සල් මල් ගස වුවද විටකදි සුවඳ නොවේ
සිල් ගත් සිත වුවද නොවිඳි නු ඇත අමර සුවේ
සල් ලිය ජීවිතය වූ විට හිත ගත ඉබේ දැවේ
සවියට නොම ඉන්න දිරියක් ඇති නොවුනු ගතේ
පලියට හැඬුම කඳුලට දිය ඉඩ නොහැකි නෙතේ
එලියට කලුවරට සඳ හිරු එකමයි මෙම දියතේ
කවියට ඔබේ පිසලයි නැගෙනා කඳුල නෙතේ
ගජයා
පාන් දර ඇහෙන නෝක්කාඩුව ලිප එක්ක
හීන් කෙඳිරිය කටක නිතර නුඹෙ මම දැක්ක
පාන් කාලට වඩේ බත් නැතුව ගිනි රැක්ක
කේන් තිය පහවුනේ මල්පැන් පොද එක්ක

මල් වැටුන ගුරු පාරෙ ඉස්සරම උඹ දැක්ක
කල් ඇතුවම අවුත් බලා සිට මග රැක්ක
සල් මලක සුවඳ දී දෙන සිනා පොද එක්ක
කල් යත්ම නුඹ කොහෙද ඒත් මම උඹ එක්ක
එදා වගෙ හැමදාම මම හිතන හීනයක
හදා ගනු බැරිනොවේ රිදවනා වැරදි එක
සදා කල් රැඳෙනු බැරි එකම එක හදවතක
බෙදා වෙන් නොවු එක ගෙදර තැන් දෙකක
ගජයා
තාත්තා නැති වෙච්චි
අම්මෙකුයි පොඩි කොල්ලෙකුයි
ඇවිත් හිටියා පෝලිමේ
කච්චේරියේ කලුතරට
මාත් එක්කම ඉස්සරාහින්
හිනැහුනා යන්තමට
පින් පඩි කොලේ හදා ගන්නම
පඩි නැගලාම හෙම්බත්ව
මගෙ කනෙත් බේරුනා දාඩියම
වතුර බෝතලය පෙවුනාම
එකම එක උගුරක් හිටගෙනම
පොඩි එකා ගේ මුන කට
හිනැහුනා දුන් වතුරත් එක්කම
දෙකෙන් පහලට යන්න ඊලඟට
බැංකුවට පහලින් ඉහලට
ආයෙමත් කඩ පොලට
පොටෝ කොපියක් ගන්නට
මග දිගට පොඩි එකා එල්ලිලා
අම්මත් එක්ක හති ද දා පස්සෙන්ම
මහත්තය දැන් යන්න
ඔය අම්මත් යන්න
හෙට අපේ සර් නෑ පදවි ප්‍රාප්තිය නිසා
පුලුවන්නම් එන්න කෝල් එකකුත් දෙන්න
අපිනං අනිවාර්යයෙන් එනව නියෝගය ඒක
ඒත් ඉතින් සර්ල හෙට නෑ ඉතිං මිස් ගේ හිනා කට
කොලඹ යනව නේ හිටං බෙරි උනා අම්මගෙ මූණ
ගජයා