Saturday, December 3, 2016

සඳේ නුඹ මා ලඟම සිටිය වග නම් ඇත්තයි
හදේ උනුසුම මට හොරා ගතට අර ගත්තයි
උදේ රෑ වෙන තුරා එය ග්‍රෙගරි වැව දැක්කයි
රිදේ මගෙ හිත ගිය වගක් නොදැනුනා සත්තයි
දියේ මතුපිට සඳ ඇවිත් ඇතේ රුව ඇඳලා
රැයේ තරු වැල් ගනින්නට බංකුවේ ඉඳලා
තියේ තාමත් උන්නු තැන තවම නෑ මැකිලා
ගියේ යලි එන්නටයි අද මටත් මග හැරිලා
සිනා සෙන තොල් අතර දිලිසෙන නල දතක් දැකලා
ගෙනා වග හීන අතොරක් මගෙ දෙකොපුලේ තියලා
මනාපෙක නොම නාප කම් මැද කාලෙ ඇත ගෙවිලා
දිනා ගත් කිසි දෙයක් නෑ මට නුඹත් මග හැරිලා
අත් පුරා සීතලට දුන් උනුසුමක් නුඹෙ තිබුනා
රත් කලා පිඹ කටින් අත ගෙන සිනා මල් වැටුනා
හිත් විල කලතලා පෙම් දියෙන් ග්‍රෙගරි වැව පිරුනා
රත් තඹුරු මල් පිපිලා ඒත් නුඹව මග හැරුනා
ගජයා
මේ මගේ කවිය ශානි ගේ කවට ලියූ පිලිතුරු කවක් වග කියමි.ඈ අපූරුවට එය ගෙත්තම් කර තිබුනා..ඇගේ කවේ වචන හා තේරුම් මේ කව සඳහා යොදා ගත් වග ද කියමි..ශානිට ස්තුතියි

No comments:

Post a Comment