Saturday, December 3, 2016



හීත හිරිකඩ බිංදු සුළඟ හා එන වැහි වලාවේ
ඈත තිබු මගේ මතකය සිටී අද හුදකලාවේ
ගීතයක් සේ ඇසෙන ඔබේ කට හඬ මේ තලාවේ
දෑත තාමත් නිදහස් ද කියනු මැන මේ වෙලාවේ
එන තද සීතලට ගත දෙන දුක විඳින රැයේ
දැන හා නොදැන හිත පාරන පෙර මතක තියේ
උන දේ සිදු වෙලා පෙම අවසන් ගමන ගියේ
කන ගාටුවක් මිස තරහක් මගෙ හිතට නොයේ
හද විල පිපුන කුමුදක් වන් සඳ වතියේ
විඳ මුදු පෙමක උනුසුම හද කිති කැවියේ
කොඳ මල් පිපෙන මුදු මේ වට සඳ එළියේ
අද නුඹ නොමැති වග මට අමතකව ගියේ
ගජයා

No comments:

Post a Comment