කසුන් රුවන් නැති මුත් දුප්පත් කමට
අසුන් අරා සිටියේ හද රන් රුවට
දසුන් නොපෙනි ගියෙ නම් අද හෝ හෙටට
වසුන් දරා නුඹෙ පෙම අහිමි ද මෙමට
කුසුම් පිපෙන රෑ කල පිනි වහින විට
සියුම් සතුට පිබිදේ සිත පුරාවට
පියුම් පිපෙන ලෙස හද විල දැදුරු කොට
රිදුම් නොදෙන් වසුන්දරා තවත් මට
තෙරපුම තැවෙන හද පෙම තව ඉවසා හිඳිමී
වැළපුම නොවෙන තැවුලක වට හිත දුක ගෙවමී
ගැලපුම නොවෙන ඇරඹුම අද මම මග හරිමී
සැතපුම සදහටම වෙනතෙක් කල් යල් බලමී
ගජයා
No comments:
Post a Comment