කන්ද උඩින් බැස යන විට රත් හිරු අවරේ
හැන්ද කරේ ඒ රුව දිලිහෙයි මේ වතුරේ
කුන්ද සමන් පෙති වියැකී කොඳ මල් ඇහැරේ
මන්ද පමා මම තවමත් වැව ලඟ ඉවුරේ
බැන්ද සෙනේ ගිය උතුරා මේ සොරොව් කොනේ
කැන්ද ගෙනේ යන පින මදි වග හිතට දැනේ
ලන්ද කොනේ පිපි කොඳ මල් ඇහැර්‍රිලා පෙනේ
මන්ද පමා නුඹ නා එක හිත දුකක් ගෙනේ
මන්දා රම ඇවිත් වැව් දිය කලුවකට පෙනේ
රන්දා හදවතේ පෙම එය තව දුකක් වුනේ
වින්දා ඇතිය කියලා දැන් මගෙ හිතට දැනේ
නින්දා නොදෙන් නුඹටයි තවමත් මගේ සෙනේ
ගජයා
No comments:
Post a Comment