Saturday, December 3, 2016



මලක් පිපුනි මල විය නම කපුරු
සුදක් තිබුනි වත මැද පෙති මහරු
රොනක් පිරුනි ගනු බිය වෙති බඹරු
කලක් ගෙවිනි දැක එහි ගති නපුරු

ඇතත් ගුනය මලකට ඇති සියුමැලි කම තාම
පෙතිත් හැකිල නැති ඈ හට බිඟු කරනව පේම
රොනුත් නොගත මුත් ඒ බඹරුන් එයි හැම දාම
නෙතත් හිතත් මම ඉවතට ඇද ගන්නේ කෝම

කපුරු මලක සැර සුවඳයි එක යායට හැමුවේ
නපුරු බවක ගති නැති මල් වෙත ඒ බිඟු නතුවේ
බඹරු නොයෙක වර අවුදින් රොන් පමනකි පැතුවේ
කවුරු කෙලෙස කීවත් හදවත නුඹටයි පිදුවේ

ගජයා

No comments:

Post a Comment