Saturday, December 3, 2016



කලුවර ආකහේ සඳ වත ලඟ පිපුණු
දලු ලිය දමා හදවත ගත අග වෙළුනු
නෙළුමක පෙති සුවඳ සේ නුඹ හිත රැඳුනු
බැලුවම පින් බරයි දෙකොපුල් වල සැදුනු

ඉර බටු තරුව සේ පෑ හිත් අහසේ දිලුන
දුර සිට වුවත් ඒ දුන් එලියෙන් තනි මැකුන
සිර කල හදවතේ පෙම නුඹ හා දිග හැරුන
පෙර පින නැතුව දෝ නුඹ අද මට මග හැරින

ඉර බැස යන හවස වෙරලක ලඟ නුබ කලාවක්
දුර සිට බැලිමි පෙර මතකය කල රස ගුලාවක්
පැර දුන හිතට නුඹ ගැන හදවත කී කතාවක්
වැරදුනු බව සැබැයි එනවද මෙහෙ එක වතාවක්

ගජයා

No comments:

Post a Comment