Saturday, December 3, 2016



අකීකරු සිසු
කියන හැම දේ එලෙස පිලි ගනු නැති කමයි
හිතන සිතුවිලි එලි පිටම කී රලු තමයි
පතන හෙට ගැන නොයෙක් හීනද බිඳ දමයි
ඉගෙන ගන්නට කැමති ඔබගේ සිසු මමයි
ඉතුරු කර ගත් දැනුම බෙදුකල ඒ පිබිදුමයි
අතුරු මගකට නොහැරි යන ගමනක විසඳුමයි
අකුරු කරනා විට හිතට දැනෙනා සැනසුමයි
නපුරු වෙන්නට එපා ඔබ ගුරු සිසු මා තමයි
උතුරු කොන සිට ආව සුලඟට ගත තෙමයි
කපුරු මල් පිපිලා සියුම් සුවඳක් හමයි
අකුරු කල පබැඳි කවි සිතුවිලි බිඳ දමයි
ඉතුරු වෙන පාඩමේ උන් සිසුවා මමයි
ගජයා

No comments:

Post a Comment