Saturday, December 3, 2016


Jayanath Perera's photo.
ආපසු එනු පිණිස

පුරා සොළොසක් කලා පිරු සේ හිත මදින් මද
අරා නැගි එකලු කල කළු මගෙ හදවතේ මැද
සරා සඳ සේ පෑව සෙනෙහස් රැස් දහර බිඳ
ගරා වැටි මහ ගෙදර තනිවම නුඹ කොහෙද අද

හිනා මල් පොකුරු පැල කර දෙවැටෙ සිටුවා
ගෙනා පොඩි හීන දලු ලා රිකිලි දැමුවා
මනා ලෙස වැඩෙන හැටි හොර ඇහින් බැලුවා
විනාසය එමත වෙතිද මුලු හිත පෙලුවා

ගෙන එන වැසි සුලඟ සීතල හා හිරිකඩය
දින ගැන ගෙවෙනුයේ මේ නව වන අටවකය
පැන එන කඳුලු තනි වුන හිතකට බර වැඩිය
තැන තැන පැල කෙරුව ගස්වල අද මල් නැතිය

ගෙට එන පාරෙ තණ කොල ඇති සරුවට වැවිලා
වැට ඉනි පෙරලිලා මහගෙයි වහලෙත් දිරලා
රට වට කර බඳිනු වැට බැරි වග වත් හිතලා
හෙට වත් ගෙදර එනවද තවමත් දොර ඇරලා

ගජයා

No comments:

Post a Comment