Saturday, December 3, 2016


Jayanath Perera's photo.
තරු කැට පාව එන ගන කලුවර ඇතිව රැයක
අරුමය දුටිමි හිනැහෙන ඒ නිල්වන් නෙතක
කරුවල මකා දා හද හිත හිනැහෙන පැයක
උරුමය මට නොමැත නුඹ තවමත් දුරු රටක

හිරු පායා එන විට පෙනෙන රැස් නේක
තරු හා එකට අඩ සඳ දිලෙනා රෑක
දුරු රට වුනත් මිහිමත සිදුවන දේක
අරුමය දැක ගන්ට නුඹ නැති එක සෝක

රතඹුරු පිපී ලෙල දෙන නිල් විල අසල
හිතපිරි මදී මතකය ආ ගිය එකල
අතදුර මදිය තවමත් නෙලුමට කැකුල
මතකය හිත දවයි දැන්මගෙ ගත දුබල

ගජයා

No comments:

Post a Comment