පෙර දවසෙ ගිය පාර මතකයක ඇත මගෙ හිරවෙලා
ඉර හැරෙන වෙලාවට මේ පාටමයි එක යායක් වෙලා
කර පොවා බලද්දි අතීතය දැන් ඇත නටඹුන් වෙලා
සර දමක් දෝ කොහෙද සොබා දම මාව වියපත් කලා
අවු රුදු විසි නවයකට වැඩි පෙර දින ඒ කාලේ
කවු රුද එබී හදවත පුරා සිත පිරිමැදි ලීලේ
සිවු රුමකට ගෙන හැම විට නුඹ ගැයු ඒ තාලේ
දෙවු රක සිටිමුත් නුඹ නොමැතිව තනිවම මෙමං තලේ
සය වසරක් ගෙවී ගොස් නොවැ නුඹ දෙව්ලොවට වෙලා
පය පැකිලෙන විටෙක නුඹ අත හැම දා වුනි සවිය වෙලා
ගිය දා පටන් ලී සැරයටියට මගෙ මතකය දී වාරු වෙලා
පය තැබු තැන් කොහි ඇතිද සෙව්වත් කල් ඉකුත් වෙලා
ගජයා

No comments:
Post a Comment