Friday, February 5, 2016

පල බර වෙන හැමකල් සරු පොලොවක ලද උරුමේ
ඇල දොල ගඟක සිහිලැල් සුව පෙන දිය දහරක අරුමේ
ගල උඩ වුවද සුහුඹුල් ඇට පැලවෙන හැම දසත ඉමේ
හෙල දිව වරුන කොතෙකුත් කිව ලිය මුත් නොමැත නිමේ
පෙර හෙලයන් කල කී දෑ ගෙන හැර පා අපූරුව
කර උන් මතින් ගෙන යති අපේ උන් මුන් ගේ උජාරුව
හිර කර ගන්න බඩ වේලක ගිනි කන පොඩි උනගෙ පව
බර වැඩි මජර දෙස් පලුවන් කල ගොන් කම් නිසයි තව
එක එක පාට ගෙන පොඩි උනගේ ඇස් වල තවරා
එක දෙක නොවෙන වැඩි පිල් ගොන්නක දා අඹරා
සක පොරුවක බැඳ පොඩි දන දක්කා ලෙස ගවරා
එක එකා දෙපිලෙම උන් මරවයි උන් වෙත දොස් පවරා
පෙර අපේ සිව් හෙලේ සිටි යෝධ මහ විරුවන් ලෙසින්
උර තබව් හැම එකා අවුදින් මහා සිංහල කඳු වෙසින්
කර තබන් යන පාට පැති හැම ඉවතලා අපි සෙනෙහසින්
පර දෙසින් සේම කඩු ගා කපපියව් රටට වින කටිනා එවුන්
පන් සලේ හැම පල්ලියේ ඉන්න සිංහල හැම එවුන්
තුන් හෙලේ පෙර සිටියේ අපි එකම ජාතික පෙමින්
පින් බලේ කට මයි නොවෙමු දෝ මේ රටේ අපි උපන්
දැන් ඉතින් වත් එක් වෙයව් රට බෙදයි මේ මහ එවුන්

No comments:

Post a Comment