Saturday, September 3, 2016


සඳ වත මිදී දිය මත රෑ සඳ මිදුනාම
කොඳ මල් ඇහැරි සුවඳයි ඒ මල් පිපුනාම
විඳ වන තරම් හිත නුඹ දන්නේ නෑ තාම
බිඳ බිඳ කඳුලු හා පිණි වැටෙනව හැම රෑම


පෙම මේ තරම් උනුසුම් දෙන හිතක මගේ
කිම නුඹ තවත් දුර සිට මේ කරන අගේ
හිම කැටි පලා විත් සීතල දෙවන රඟේ
මම මෙහි තනිව නෙතු අග දුක් කඳුලු නැගේ

සීත පාවෙලා එන සුලඟට ගුලි වෙමිද
ඈත පුරපස හඳට මගෙ අත දිග මදිද
දෑත පා නැවත ගත්තේ ඒ පෙර පවද
පාත ලඟ කවුරු සිට මේ දුක විමසාද

ගජයා

No comments:

Post a Comment