Friday, December 25, 2015

ලා පාට කහ ගැහුන පුර එලිය යටහිඳින
මලානික නෙත් කෙවෙනි දිලිසුනා සීරුවට
එක පෙළට දිව යනෙන දස දහස් ඇස් මනින
මද හාස උපහාස ලද බැලුම්ය ඉඟි පාන

රස නහර පිනවන්න නොවන එක අරමුණක
කුස පිරෙන පොඩි යමක් පොඩි වුනගෙ මුව රඳන
ඇස දකින නෙත පිනන පවුකාර ගිණි ගොඩක
මුස පත්ව නොව දෙන්නේ ඇඟමසක රස පහස

ප්‍රේමයද පසෙක ලා පපු තුරක රස බුදින
යාමයක නිදි වරව දෙතුන් විට ඉකිබිඳින
සම බවක් නොම දකින අමනුන්ගෙ හදවතක
එව බලව විකිනෙනා ගැහැණියගෙ අඟ පසඟ


No comments:

Post a Comment