Friday, December 25, 2015

චුරු චුරු ගාන නොනවතින මේ වැස්ස
නොයෙක් අපවාද දුක සමග පොර බදින
මිනිසුනගෙ කුස තුලට සීතලට ගිණි පිඹින
පින එක්ක මි‍යඇදෙන කඨිනෙ අද පන්සලේ

හයි කාර කම ඇති ඒත් කාසිය නැතී
බුදු ගුනය හද ඇතී පිඟානට බත නැතී
කටු මැටිද ඇදව ගොස් ගෙබිමෙ ලොකු හිල් සැදී
කලුවරේ යන පෙරහැරට දෙන්න පන්දම් නැතී

ගම මැද්දෙ පොඩි නිලමෙගෙ මහ ගෙදර
පෙට්ට්‍රොල් මැස් එලිය ගිනි දෙනව මුලු ගමට
හේවිසිය නලා හඬ දෙන සාදු කාරය
තව්තිසා වට එහා ඇහෙනවා සීරුවට

මේ පාර කන්නයත් ණය බරට හිලව්වට
ලාස් දෙක ගන්නට වරෙන් උඹ අද හවස 
ගනින් පන්දම අතට නිළමෙගේ පින් අණට
පොඩි උන්ගේ මූණ කට දිලිසුනා පන්දමට


No comments:

Post a Comment