Friday, December 25, 2015

වාද්දුව මැදි විදු මවුනි.....
පරාර්‍ථය පිණිස ම වැඩ කලොත් මිස
නොලැබෙනු ඇත අර්‍ථ්යක් හෙට නුඹට
කිත් යසස් උදෙසාම නොව නොම අලස
කරව් කී උගෙන හැම සව් සත වෙතම........

හිස් බසක් නොම දී දුනි ශිල්ප සා නොමඳවම
හිස් බවක් නොතබාම ඵල දරන මහා රුක් ලෙසට
අස් වසා දුක් නේක පිසලමින් වට කඳුලු කැට
ඇස් වසා වුව යන්න සැදී මඟ පෙහෙලි එළි කොට .......

ලද උගත් නැණ ශිල්ප ගුණය ලද දයාවෙනි
හද බැතින් සිහිකරමි ඔබෙන් ලත් මහ පිනෙනි
අද ලොවට ගැ ලැපෙන්න ඔබ මතින් අප තැනුනි
හද වසා පිපි මලින් නිති පුදමි විදු මවුනි.........

සිරිලක දීපේ දින දින ජයවේ
අප මැදි විදුහල් මාතා


No comments:

Post a Comment