Friday, December 25, 2015

හිත ඉගිලේ මටද හොරා හීන් සීරුවේ
අනන්තයටත් එහා ගත රුවා ලෝගුවේ
කාත් කවුරුවත් නොදකින්න මැව්වාට මේ ලොවේ
දකිනු රිසි නැතිද කිසි දෙයක් මා සිත ද පාලුවේ

පුලුන් රොදක් සේ පා වෙන්න අහසේ
ඉගිලෙන්න අතු පතර හිතට රිසි රිසිසේ
කියවන්න මුමුනන්න සිතෙන දේ මනසේ
තහනමක සිත දවයි ගිනියම්ව දැඩිසේ

හිත කියන හද දවන මනසක හැඟීමක 
නීතියක රීතියක් දී නොමඳ නිදහසක
වැලපෙනු මිසක බැරි බැඳී හුදු ආගමක
මැව්වාට වෙන් වෙන්ව අපි එකම ලෝකයක


No comments:

Post a Comment