Friday, December 25, 2015

ආත්මය පුරාවට ඉන්නටම බැරි උනත්
අඩු තරමේ මෙ භවයට විතරක්වත්
ඉන්නමයි හීනය වුනේ
දම්පාට සඳ එලිය ගිල ගත්ත කලු අහස
මැකුවාට තරු එලිය සුන්දරයි නුඹෙ මූන
ආ ගිය මතක නැතුවාද නුඹෙ හිතක
අමතකලු රෑල්ලටත් අපි උන්නු තැන් තාම
සඳ ගලනහැම දාම තරු දිලෙන හැම රැක
නුඹ පෙනෙයි හැම තැනෙක
හැකි උනත් රැල්ලකට සලකුනක් මකන්නට
මකන්නේ මම කොහොම සිතක ආදර මතක


No comments:

Post a Comment